මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය අමාත්‍යධූරයේ සිටිනතාක් කිසිදු මාධ්‍ය බලපත්‍රයක් අහෝසි කිරීමට මැදිහත් වෙන්නේ නැහැ- ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    ඔක්තෝබර් 04, 2022

    තමා ජනමාධ්‍ය අමාත්‍යධූරයේ සිටිනතාක් කිසිදු මාධ්‍ය බලපත්‍රයක් අහෝසි කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනයකට මැදිහත් නොවන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

    රටෙහි දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇතිකර ගැනීම සඳහා සියලුම මාධ්‍ය ආයතන සමග ඒකාබද්ධ වී අන්තර්ජාතික මට්ටමේ මාධ්‍ය සංසකෘතියක් රට තුළ ඇති කිරීම සඳහා අවශ්‍ය ආගමික, සමාජ, සංස්කෘතික, දේශපාලනික වශයෙන් වටිනාකම් සහිත මාධ්‍ය කමවේදයක් සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමට සහ නියාමනය කිරීමට අවශ්‍ය පිළිවෙතක් මිස මාධ්‍ය ආයතන මර්දනයට හෝ පවරාගැනීමට පනත් සකස් නොකරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya