මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ දී 75%කට ආසන්නව වැඩ නිම කර ඇති ව්‍යාපෘති අවසන් කිරීමට ප්‍රමුඛතාවය - සෞඛ්‍ය අමාත්‍ය

    ඔක්තෝබර් 04, 2022

    ඉදිරියේ දී 75%කට ආසන්නව වැඩ නිම කර ඇති ව්‍යාපෘති අවසන් කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    එමගින් එම ව්‍යාපෘතින් වල ප්‍රතිලාභ ජනතාවට ලබා දිය හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී තවරාජා කලෙයි අරසන් මහතා අම්පාර දිස්ත්‍රික්කයේ නාවිදන්වෙලි ඇතුළු ප්‍රදේශීය ලේකම් කොට්ටාශ කිහිපයක ජල ගැටළුව සම්බන්ධයෙන් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    පානීය ජලය වැනි මූලික අවශ්‍යතාවයක් කිසිම අවස්ථාවක කිසිම ජන කොටසකට නොදී සිටීමට රජය කටයුතු නොකරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya