මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව නම් කෙරේ

    ඔක්තෝබර් 04, 2022

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ සේවය කිරීම සඳහා, නියෝජ්‍ය කථානායකවරයාගේ සභාපතිත්වයෙන්, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සමග පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (03) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

    ඒ අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ සේවය කිරීම සඳහා මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, සිසිර ජයකොඩි මහතා, (මහාචාර්ය) ජී. එල්. පීරිස්. මහතා, (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, දයාසිරි ජයසේකර මහතා, (ආචාර්ය) නාලක ගොඩහේවා මහතා, ෆයිසාල් කාසිම් මහතා, අජිත් මාන්නප්පෙරුම මහතා, ජයන්ත සමරවීර මහතා, ගෝවින්දන් කරුණාකරම් මහතා, ඉම්රාන් මහරූෆ් මහතා, කෝකිලා ගුණවර්ධන මහත්මිය, ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා, මධුර විතානගේ මහතා සහ (ජනාධිපති නීතිඥ) ජයන්ත වීරසිංහ මහතා පත් කොට තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya