මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව ශක්තිමත් කිරීමට ඩොලර් මිලියන 6ක ප්‍රදානයක්

    ඔක්තෝබර් 03, 2022

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයෙන් ලබාගත් අනුමැතියක් අනුව, කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් මධ්‍යම හා ඌව පළාත්වල ජනතාවගේ සමාජ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වන ගිවිසුමකට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සහ දකුණු කොරියානු සහයෝගීතා ඒජන්සිය(KOICA) (28 දින ) අත්සන් තැබීය.

    විදේශ සම්පත් දෙපාර්තමේන්තුවද එහි පාර්ශ්වකරුවකු ලෙස ක්‍රියා කරයි. පානීය ජල පහසුකම් වැඩිදියුණු කිරිම, සනීපාරක්ෂක පහසුකම් නන්වාලීම, පුද්ගලික ස්වාස්ථතාව වැඩිදියුණු කිරීම, ප්‍රාථමික සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම, පසු අස්වනු හානි අවම කිරිම මෙන්ම ආහාර සුරක්ෂිතතාව සහ ගෘහ ආදායම් ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරේ.

     2022 වසරේ සිට 2025 වසර දක්වා ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 6 ක ප්‍රදානයක් ලබා දීමට කොයිකා ආයතනය (KOICA) එකඟ වී තිබේ.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, වලපනේ, හඟුරන්කෙත, කොත්මලේ සහ අඹගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සහ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය, රිදීමාලියද්ද, හල්දුම්මුල්ල, බදුල්ල, වැලිමඩ හා බණ්ඩාරවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 72400 ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල්19350 ක් මෙහි ප්‍රතිලාභ ලබනු ඇත.

    ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙය ක්‍රියාවට නැන්වීමේ වගකීම පැවරී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන හෙවත් UN-Habitat ආයතනයටයි. එමෙන්ම සමස්ත ව්‍යාපෘතියේසම්බන්ධීකරණ කාර්යභාරය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය වෙත පැවරී ඇත.

     අදාළ ගිවිසුමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙනුවෙන් එහි ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතා අත්සන් කළ අතර කොයිකා ආයතනය වෙනුවෙන් එහි මෙරට අධ්‍යක්ෂ කිම් ම්යං ජින් (Kim Myung Jin) අත්සන් තැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya