මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවාහන ඇමති මහනුවර අස්ගිරි මහා විහාරයට යයි

    ඔක්තෝබර් 03, 2022

    මහනුවර අස්ගිරි මහා විහාරයට පැමිණි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (02 දින ) අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

    එහිදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මහා නායක හිමියන් දැනුවත් කළ අමාත්‍යවරයා, මහනුවර දළදා මාලිගාව ඇතුළු ආගමික ස්ථාන සහ අනෙකුත් සංචාරක ස්ථාන වෙත ගමන් කිරීමට ආරම්භ කළ නව සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවාව ඉදිරියේදී අනුරාධපුර ප්‍රදේශයේ අටමස්ථානය ඇතුළු ආගමික සිද්ධස්ථාන වැදපුදා ගැනීමට යන බෞද්ධ බැතිමතුන් වෙනුවෙන් ද ආරම්භ කරන බවත් ප්‍රකාශ කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya