මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැංකු පද්ධතියට නීත්‍යානුකූල මාර්ග ඔස්සේ විදෙස් ශ්‍රමිකයින්ගේ මුදල් ගෙන්වාගැනීම ප්‍රවර්ධනයට පියවර රැසක්

    සැප්තැම්බර් 14, 2022

    විගමනික ශ්‍රමිකයන් විසින් බැංකු පද්ධතියට නීත්‍යානුකූල මාර්ග ඔස්සේ මුදල් ගෙන්වාගැනීම ප්‍රවර්ධනයට කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශය පියවර රැසක් ගෙනඇති බව එම අමාත්‍යංශයේ ලේකම් ආර්.පී.ඒ.විමලවීර මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ, අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂමාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

    වසර 2020 දී විදේශ ප්‍රේශන ප්‍රමාණයේ අඩුවීමක් දක්නට තිබූ බව පවසන ඒ මහතා මේ වන විට එය ක්‍රමයෙන් වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බවදපැවසීය.එසේම රජයේ ඉලක්කය මෙම වසර අවසන් වීමට පෙර පුද්ගලයන් 330,000 ක් විදෙස්ගත කරවීම බව පවසන විමලවීර මහතා මේ වන විටපුද්ගලයන් ලක්ෂ 3 ක් පමණ විදෙස් ගතවී ඇතැයිද පෙන්වා දුන්නේය.එසේම විදේශ ප්‍රේශණ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 325ක් පමණ ලැබී ඇතිබවද හෙතෙම පැවසීය.

    තවද විදෙස්ගත ශ්‍රමිකයන් නීත්‍යානුකූලව මෙරටට එවන ප්‍රේෂණ ප්‍රමාණය සළකා බලා ඔවුන් දිරිමත් කිරීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතිබවද ලේකම්වරයාමෙහිදී පෙන්වා දුන්නේය.ඒ යටතේ 2022මැයි මස 1 වැනි දින සිට 2022 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා ඇමරිකානු ඩොලර් 20000ක් හෝ ඊට වැඩිමුදලක් එවා ඇති පුද්ගලයන්ට විදුලි මෝටර් රථයක් ආනයන කිරීමට හැකියාව ඇත.එනම් එවන මුදලින් 50% ක මුදලක් වාහනය ආනයනය කිරීමට භාවිතකළ හැකි අතර ඉතිරි මුදල රුපියල්වලින් ගෙවිය යුතු වේ.එසේම පිරිවැය , ගැල් කුලී සහ රක්ෂණය පැවති ඩොලර් 65000ක් වූ මුදල ඩොලර් ලක්ෂ 2ක්දක්වා වැඩිකර ඇති බවද ඒ මහතා පැවසීය.

    තවද විගමනික ශ්‍රමිකයන්ට අමතරව විදෙස් රටවල ජීවත්වන මෙරට ජනතාව වයස්ගත වනවිට ලංකාවේ පදිංචියට කැමැත්තක් දක්වන්නේ නම් එම රටවල්සමග අවබෝධතා ගිවිසුමක් මගින් මෙරටට ගෙන්වා ගැනීමෙන් ඩොලර් ගෙන්වා ගැනීමට හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

    රාජ්‍යයන් අතර ක්‍රියාත්මක අවබෝධතා ගිවිසුම් මගින් විදෙස්ගතවීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින්විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත සේනානායක මහතා පවසයි.

    ඒ අනුව දකුණු කොරියාව සඳහා රැකියා අවසරපත් ලබා දී ඇති බවත් විධිමත් විභාග ක්‍රමයක් මගින් රැකියාවලට තෝරගනු ලබන බවත් ඒ මහතා පෙන්වාදුන්නේය.එමෙන්ම ඊශ්‍රායල් රජය සමග සත්කාරක සේවා ලබා දීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරඇති බව පවසන ඒ මහතා ශ්‍රමිකයන් 500ක්ලොතරැයි ක්‍රමවේදයට අනුව ජාතික වෘත්තීය සුදුසුකම් අදියර 3 සම්පූර්ණ කර ඇත්නම් එම රටට යා හැකි බවත් පෙන්වා දුන්නේය.

    එසේම ජපානය සඳහා TITP තාක්ෂණික පුහුණුව සම්පුර්ණ කළ ශ්‍රමිකයන්ට අවස්ථාව ඇති බවත් එසේම එක්සත් රාජධානියේ සාත්තු සේවය සඳහාද මෙරටපුද්ගලයන්ට එම රටට යා හැකිබවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.එසේම පෞද්ගලික ආයතනයකින් විදේශගත වන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාර්යංශයේ ලියාපදිංචි වී ඇති ආයතනයක් තෝරා ගන්න ලෙසද ඒ මහතා ජනතාවට දැනුම් දී ඇත.

    --

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya