අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසාර ආර්ථික ප්‍රගමනය සඳහා අඩිතාලම දැමිය යුතුයි

    සැප්තැම්බර් 02, 2022

    අමාරු කාලයක අභියෝග භාරගනිමින් ඉතාමත් ප්‍රශස්ථ අයවැයක් වර්තමාන ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද(02) පාර්ලිමේන්තුවේදී පැවසීය.

     විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ තුන්වන දිනය වන අද (02) දිනයේ විවාදයට ඒක්වෙමින් අලි සබ්රි අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ජනාධිපතිවරයාට ඒ පිළිබඳ ප්‍රශංසාව හිමිවිය යුතු බවත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සහාය දැක්විය යුතු බවද කීය.

    මෙම අයවැය තුළ බදු අය කර ගැනීම් වැඩි කර ගැනීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බවත්, පාඩු ලැබෙන ආයතන ප්‍රතිව්‍යහගත කිරීම, හඳුන්වා දී ඇතැයිද කීය. පාඩු ලබන ඇතැම් රාජ්‍ය ආයතන , ජාතික සම්පත් කියමින් ජාතික කොඩිවිනයක් නොකර ගත යුතු බවද අමාත්‍යවරයා කීය

    බදු ආදායම අඩු වීම, විදේශ ප්‍රේෂණ අඩු වීමම, සංචාරකයින් නොපැමිණීම සහ කෘෂි නිෂ්පාදන කඩා වැටීම නිසා මෙරට ආර්ථික කඩා වැටුණු බවත් 1994 ලක්ෂ 06ක් පැවති රාජ්‍ය සේවකයින් ප්‍රමාණය අදවන විට ලක්ෂ 15 දක්වා වැඩි වී තිබෙන බව අමාත්‍යවරයා පැවසීය. සෑම පුද්ගලයින් 14කට ම එක් රාජ්‍ය සේවකයෙක් බැගින් සිටින බවත් එහෙත් සේවාවේ ගුණාත්මක දියුණුවක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රාජ්‍ය සේවකයන්ගේ පඩි, විශ්‍රාම වැටුප, සමෘද්ධි සහ පොහොර සහනාධාර ගෙවූ විට මෙරට ආදායම ඒතනින්ම අවසන් වන බවද කීය.

    මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නම් මෙරට බදු ප්‍රතිපත්තියේ වෙනස් කළ යුතු බවත් , දරිද්‍රතාවයෙන් පෙළෙන අයට ඒ සඳහා නිසි යාන්ත්‍රණයක් සකස් කිරීම , දේශපාලනක්ඥයන්ට ඇගිලි ගැසීමට නොහැකි බැංකු පද්ධතියක් සකස් කිරීම , සටන් පාඨ මත පදනම් නොවූ නිසි මූල්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වා දීම , හොර කම වංචාව වළක්වන නිසි නීති රාමුවක් ගෙන් ඒම වැනි ක්‍රමවේද ජ්‍යාත්‍යන්ත මූල්‍ය අරමුදල යෝජනා කර තිබේ. සියළු දෙනා එක්ව මෙම ප්‍රතිසංස්කරණ මෙරට ක්‍රියාත්මක කරමින් තිරසාර ආර්ථික ප්‍රගමනය සඳහා අඩිතාලම දැමිය යුතු බව අලි සබ්රි අමාත්‍යවරයා කීය.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya