අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවීණත්වයක් තිබෙන මහජන නියෝජිතයින් සම්බන්ධ කරගනිමින් පාර්ලිමේන්තු කමිටු සක්‍රීය කරනවා- සභානායක

    සැප්තැම්බර් 02, 2022

    පක්ෂ විපක්ෂ සියලු මහජන නියෝජිතයින් සම්බන්ධ කර ගනිමින්, දේශපාලන භේදයකින් තොරව ඒ ඒ් විෂයන් සඳහා ප්‍රවීණත්වයක් තිබෙන මහජන නියෝජිතයින් සම්බන්ධ කර ගනිමින් ඉදිරි සති කිහිපයේ දී පාර්ලිමේන්තුව තුළ ඇති කමිටු සක්‍රීය කරන බව , සභානායක, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (02) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    අද රට වැටී තිබෙන තත්වයෙන් ගොඩ ඒමට නම් , ආර්ථික විද්‍යානූකූලව විද්වතුන්ගේ සහාය , මහජන නියෝජිතයන්ගේ සහාය ඇතුළු සියළු පාර්ශවවල සහාය ලබා ගත යුතු බවත් මේ සඳහා පාර්ලිමේන්තුව තුළ ,එළඹෙන සතිය තුළ තවත් කාරක සභා කිහිපයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවද සභානායකවරයා පැවසීය.

    සාමූහික වශයෙන් මෙම තත්වයෙන් ගොඩ ඒමට හැක්කේ ඒවිට බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒසේ නොවුනහොත් කිනම් රජයක් පැමිණියද ඉදිරි කාලසීමාව මීට වඩා දුෂ්කර විය හැකි බවද කීය.

    ඊයේ දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවති සමුළුවේදී මහ බැංකු අධිපතිවරයා සිදු කළ ආර්ථික විග්‍රහය සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවද සභානායකවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya