අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිළිතුරු පමාව වළක්වාගැනීම සඳහා, දුරකතන අංක, විද්‍යුත් තැපැල් ලිපිනද එවන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, ජනතාවගෙන් ඉල්ලයි

    සැප්තැම්බර් 01, 2022

    අමාත්‍යංශ මෙන්ම රාජ්‍ය ආයතන වෙත ජනතාව ලිපි යොමු කරන විට, එම ලිපි යොමුකරන්නාගේ ලිපිනය පමණක් නොව දුරකතන අංක (ස්ථාවර හා ජංගම), වට්ස්ඇප් අංකයක්, විද්‍යුත් තැපැල් ලිපිනයක්(ඊමේල්) සඳහන් කර එවන්නේ නම් ක්ෂණික පිළිතුරුවල පමාව වළක්වාගත හැකි බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

    ජනතාවගේ ලිපි, විද්‍යුත් ලිපි, දුරකතන පණිවුඩ ආදී සියලු විමසීම් සඳහා කඩිනමින් රාජ්‍ය නිලධාරීන් පිළිතුරු දියයුතු බවට, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත, අමාත්‍යංශ ලේකම්වරයා චක්‍රලේඛයක් පසුගිය 2022.09.29 වෙනිදා නිකුත් කෙරිණි.

     

    ජනතාව රජයේ ආයතන වෙත ලිපි එවීමේදී, ලිපිනය පමණක් නොව දුරකතන අංක, වට්ස්ඇප් අංකයක්, ව්ද්‍යුත් තැපැල් ලිපිනයක් සඳහන් කර එවන ලෙස ඉල්ලා සිටින්නේ, ක්ෂණික පිළිතුරු එවීමට අවශ්‍ය අවස්ථාවල, ලිපි මගින් ම එවීමේදී ඇතිවිය හැකි පමාව වළක්වා ගැනීම සඳහා බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya