මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව පත් කෙරේ

    අගෝස්තු 30, 2022

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා (29) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

    ඒ අනුව, ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, ජගත් පුෂ්පකුමාර මහතා, පියංකර ජයරත්න මහතා, දිලිප් වෙදආරච්චි මහතා, වඩිවේල් සුරේෂ් මහතා, එස්. වියාලේන්ද්‍රන් මහතා, අශෝක ප්‍රියන්ත මහතා, අ. අරවින්ද් කුමාර් මහතා, ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය, බී. වයි. ජී. රත්නසේකර මහතා, සාරතී දුෂ්මන්ත මහතා, ගෝවින්දන් කරුණාකරම් මහතා, ජයන්ත කැටගොඩ මහතා, මොහමඩ් මුසම්මිල් මහතා, තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, වේලු කුමාර් මහතා, වරුණ ලියනගේ මහතා, යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, මායාදුන්න චින්තක අමල් මහතා, නිපුණ රණවක මහතා, ගාමිණී වලේබොඩ මහතා රාජිකා වික්‍රමසිංහ මහත්මිය, සහ එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා යන මන්ත්‍රීවරයන් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරිම සඳහා පත් කොට තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya