මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැංකු ක්‍රමය තුළට එන විදේශ විනිමය,යම් කිසි ආකාරයක ස්ථාවර මට්ටමක තිබෙනවා - යම් කිසි ප්‍රතිඵලයක් මේ වන විට ලැබෙමින් තිබෙනවා මහබැංකු අධිපති

    අගෝස්තු 18, 2022

    බැංකු ක්‍රමය තුළට එන විදේශ විනිමය,යම්කිසි ආකාරයක ස්ථාවර මට්ටමක තිබෙන බවත්, එහෙත් එය විශාල වැඩි වීමක් නොව ක්‍රමයෙන් වැඩි වීමක් බවත් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (18) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    එමෙන්ම, මෙම තීරණය ගැනීමේ දී මුදල් මණ්ඩලය කරුණු රාශියක් සලක බලන ලද බවත්, එමඟින් බැංකු ක්‍රමයට පිටින් එන මුදල් වල යම් කිසි අඩුවීමක් දක්නට ලැබෙන අතර එම නිසා ප්‍රේෂණ වල වැඩි වීමක් සිදුවනු ඇති බවත්, ආචාර්ය නනදලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

    ගිය වසරට සාපේක්ෂව ආර්ථික ක්‍රියාකාරකම් අඩු වීමත්, එහි ප්‍රතිඵල මේ වන විට දක්නට ලැබෙන බවත්, ඒ සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග මේ වන විට ගෙන තිබෙන අතර මෙම ගන්නා ලද සාධනීය ක්‍රියාමාර්ග තුළින් ඉදිරියේ දී රට නැවත යථා තත්ත්වයට පත් වනු ඇතැයි යන බලාපොරොත්තුව තිබෙන බවත් ඒ මහතා මෙහි දී පැවසීය.

    එමෙන්ම, 2022 සඳහා 06 වන මුදල් ප්‍රතිපත්ති විවරණය සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (17) රැස් වූ අවස්ථාවේ දී දැනට පවතින ප්‍රතිපත්ති පොළී අනුපාතික, නිත්‍ය තැන්පතු පොළී අනුපාතිකය 14.5% ක් ලෙසද, නිත්‍ය ණය පහසුකම් පොළී අනුපාතිකය 15.5% ක් ලෙසත්, ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය 4% ලෙසත් පවත්වාගෙන යාමට සාකච්ඡා කොට ඇත.

    මේ වන විට ගෝලීයමය වශයෙන් උද්ධමනකාරී තත්ත්වයක් දක්නට ලැබෙන අතර, කෙසේවෙතත් ආහාර වල මිල උද්ධමනය අඩුවීමත් එක්කම අනාගතයේ උද්ධමනකාරී තත්ත්වය අඩුවනු ඇතැයි ද මෙහි දී සඳහන් විය.

    දේශීය ආර්ථිකය ගෙන බලන කල දෙවන කාර්තුව වන විට විශාල ඍණ ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කෙරෙන අතර තෙවැනි කර්තුවටත් මේ තත්ත්වය මෙලෙසම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ද හෙතෙම පවසන ලදුව ඒ අනුව 2022 වසර තුළ ඉහළ ඍණ ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කෙරෙන බවත්, කෙසේවෙතත් නිවැරදි ප්‍රතිපත්තීන් සහ සාර්ව ආර්ථිකය සමතුලිත කිරීමේ ක්‍රියාවලිය නිසි ආකාරයෙන් සිදු වීමත් නිසා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු වීමත් නිසා ආර්ථිකය නැවත වතාවක් යථාතත්වයට පත් කිරීමේ හැකියාවක් පවතිනු ඇති බවත්, එමෙන්ම අභියෝග හමුවේ වුවද, විදේශ අංශයේ සාධනීය ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් ඒ මහතා මෙහි දී අවධාරණය කළේය.

    පසුගිය වසරේ ගනු ලැබූ සාධනීය ප්‍රතිපත්ති වල යම් කිසි ප්‍රතිඵලයක් මේ වන විට ලැබෙමින් තිබෙන බවත්, උද්ධමනය තරමක් දුරට අඩු වනු ඇති බවත්, විදේශ විනිමයේ පැවති දැඩි හිඟය තරමක් දුරට සමනය වී තිබෙන බවත්, මෙරටට අවශ්‍ය ඉන්ධන, ගෑස් සහ ඖෂධ සඳහා අවශ්‍ය ප්‍රතිපාදනය කර ගැනීමට හැකිව තිබෙන බවත්, ආනයන වියදම අවම කර ගැනීමටත්, අපනයන ආදායම යම්කිසි ආකාරයකට වැඩි කර ගැනීමටත් අවස්ථාව ලැබී තිබෙන බවත්, කෙටි කාලීන ණය පහසුකම් ලබා නොගෙන වුවත් රටේ මුලික අවශ්‍යතා සම්පාදනය කර ගැනීමට මෙරට තිබෙන මුදල් කළමනාකරණය මඟින් මේ වන විට හැකි ව තිබෙන බවත් හෙතෙම පැවසීය.

    එමෙන්ම, ඩොලර් ළඟ තබාගෙන සිටින්නන්ට තවත් මාසයක සහන කාලයක් ලබා දීමට පියවර ගෙන ඇති බව ද මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya