අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිසුන්ට කිසිදු අසාධාරණයක් නොවන පරිදි ඉදිරි විභාග කටයුතු සැළසුම්- අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    අගෝස්තු 16, 2022

    සිසුන්ට කිසිදු අසාධාරණයක් නොවන පරිදි ඉදිරි විභාග කටයුතු සැළසුම් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

    කොවිඩ් වසංගතය සහ රට තුළ පැවති ඉන්ධන අර්බුධය හේතුවෙන් සිසුන්ට විශාල පාසල් දින ගණනක් අහිමි විය.

    විශේෂයෙන්ම පළමු ශ්‍රේණියට ඇතුළත් වූ සහ ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ට මේ හේතුවෙන් විශාල අසාධාරණයක් වූ බවත් බලධාරින් සහ අධ්‍යාපන විශේෂඥයින් මේ පිළිබඳ විවිධ වැඩමුළු සිදු කරමින් මේ පිළිබඳ අවධානය යොමු කරන බව අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව ශිෂ්‍යයන්ට අසාධාරණයක් නොවන පරිදි ඉදිරි විභාග කටයුතු සැළසුම් කර ඇතැයි අමාත්‍යවරයා කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya