මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

    අගෝස්තු 03, 2022

    පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් රත්නපුර, නුවරඑළිය, මාතර, කෑගල්ල, සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා (02) ප.ව. 7.30 සිට (03) ප.ව. 7.30 දක්වා බල පැවැත්වෙන පරිදි අදියර 03 (රතු) මට්ටමේ නායයෑම් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඉඹුල්පේ, කුරුවිට, නිවිතිගල, සහ කහවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ඒ අවට ප්‍රදේශ සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ ඒ අවට ප්‍රදේශ සඳහා මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ඒ අවට ප්‍රදේශ සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක සහ යටියන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ඒ අවට ප්‍රදේශ සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ ඒ අවට ප්‍රදේශ සඳහා මෙලෙස නායයාම් රතු නිවේදන නිකුත් කර ඇත.


    ඉහත ප්‍රදේශවල ජනතාව වර්ෂාව තවදුරටත් පවතී නම් නායයාම් අනතුරුවලින් වැළකීමට ආරක්ෂිත ස්ථානවෙත යොමුවන ලෙසත් එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.


    මේ වන විට අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පුද්ගල මිය යාම් 4ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයිි.එසේම පවුල් 2911කට අයත් පුද්ගලයන් 11821ක් ආපදාවට පත් වී ඇති අතර නිවාස 257ක් පූර්ණ වශයෙන් හානි සිදුව තිබේ.තවද ආරක්ෂිත ස්ථාන 15ක පවුල් 461කට අයත් පුද්ගලයන් 2218ක් රැඳී සිටින බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දෙයි.


    කළු ගඟ ආශ්‍රිත කුඩා ගඟේ ජලමට්ටම මේ වන විට වැඩිවෙමින් බවතින බවත් ගංවතුර තත්වයක් ඇති විය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.එසේම රත්නපුර දිස්ත්‍රික්කයට සහ නිල්වලා ගඟ ආශ්‍රිත තල්ගහගොඩ සහ පනාඩුගම ප්‍රදේශවලට සුළු ගංවතුර තත්වයක් ඇති වී ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya