මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු සන්නිවේදන තාක්ෂණ අංශය ආශ්‍රිතව පිලිපීනය සමඟ සහයෝගීතාව වර්ධනයට පියවර

    ජූලි 25, 2022

    ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාවය වර්ධනය කිරීම සම්බන්ධයෙන් පවත්නා අවස්ථා හඳුනාගත් පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනි ගුණසේකර මහත්මිය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත පිරිසක් සමඟ එක්ව තොරතුරු හා සන්නිවේදන දෙපාර්තමේන්තුවේ (DICT) නව ලේකම් (අමාත්‍ය) නීතීඥ අයිවන් ජෝන් උයි මහතා හමුවිය.

    වෘත්තියෙන් නීතිඥයෙකු වන උයි මහතා, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පුළුල් අත්දැකීම් සහිත නිලධාරියකු වන අතර, තාක්‍ෂණ නීතිය, පරිගණක අධිකරණ වෛද්‍ය විද්‍යාව, සයිබර් ආරක්‍ෂාව, ඊ-වාණිජ්‍ය, ඩිජිටල් ආචාර ධර්ම යනාදිය පිළිබඳව ප්‍රවීණයෙකු ද වේ. 2022 ජුනි 30 වැනි දින නව පරිපාලන කටයුතු ආරම්භ කිරීමෙන් පසුව, එතුමා තොරතුරු හා සන්නිවේදන දෙපාර්තමේන්තුවේලේකම් ධුරය භාර ගත්තේය.

     

    විශේෂයෙන්ම ඊ- රාජ්‍ය, ඊ-වාණිජ්‍ය, ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය සහ මෘදුකාංග සංවර්ධනය යන අංශ ඔස්සේ,දෙරටටම සිය ශක්තීන් සහ හැකියාවන් පූරණය කළ හැකි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය ආශ්‍රිතව පිලිපීනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ පවත්නා උද්‍යෝගය තානාපති ගුණසේකර මහත්මිය විසින් ලේකම්වරයා හමුවේ දැනුම්වත් කරන ලදි.පිලිපීනයේ ඩිජිටල්කරණ ක්ෂේත්‍රයට අනුකූලව සිය සේවාවන් හඳුන්වා දීමට, ජාලය පුළුල් කිරීමට සහ සිය පැවැත්ම තහවුරු කිරීම සඳහා ශ්‍රී ලාංකික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය තුළ ගොඩනැඟෙන උද්‍යෝගය පිළිබඳව ද එතුමිය මෙහිදී විස්තර කළාය.

     

    ව්‍යාපාරික සංචාරයක් සඳහා මේ වන විට පිලිපීනයට ගොස් සිටින, ශ්‍රී ලාංකික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමාගම් ද්විත්ත්වයක් වන බයිලීටා පුද්. සමාගමේ සංජි ද සිල්වා සහ එච්සෙනිඩ් සමාගම් සමූහයේ දිනේෂ් සපරමාදු යන නිලධාරීන්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් ද මෙම හමුව සඳහා සහභාගි විය. මෙම කර්මාන්තය සම්බන්ධයෙන් සිය අදහස් පළ කළ ව්‍යවසායකයින්, ශ්‍රී ලංකාව පිරිනමන නව්‍ය විසඳුම් සහ නිෂ්පාදන පිළිබඳව සාකච්ඡා කළහ.

     

    මෙම අංශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සම්බන්ධ වීම සඳහා පවතින හැකියාව අධ්‍යයනය කිරීමට සහ ගවේෂණය කිරීමට තමන් කැමැත්තෙන් පසුවන බව ලේකම් උයි මහතා සඳහන් කළේ ය. එතුමා සඳහන් කළ පරිදි, පිලිපීනයේ ජනාධිපති ෆර්ඩිනන්ඩ් රොමුඅල්ඩේස් මාකෝස් (කනිෂ්ඨ)මැතිතුමාගේ ආර්ථික සැලැස්ම යටතේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවර්ධන න්‍යාය පත්‍රය අවසන් කිරීම සඳහා නව පරිපාලනය මේ වන විට කටයුතු කරමින් සිටියි.

     

    ශ්‍රී ලාංකික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය මේ වන විට විවිධ අංශ ඔස්සේ පිලිපීනය තුළ සිය පැවැත්ම තහවුරු කොට ඇත. එෆ්බීසී ඒෂියා පැසිෆික් (FBC Asia Pacific), ටෙක් වන් ග්ලෝබල් (Tech One Global), එච්සෙනිඩ් සමූහය (hSenid Group) සහ බයිලීටා (Bileeta) වැනි නොයෙක් සමාගම් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන්ගේ පටන් රටේ විශාලතම සමාගම් දක්වා විසිරී සිටින සිය සේවාලාභීන්ට සේවා සැපයීම සඳහා දැනටමත් ඔවුන්ගේ මෙහෙයුම් ස්ථාපිත කොට ඇත.

     

    මෙම කර්මාන්තය ආශ්‍රිතව දෙරට අතර පවත්නා සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණට අනුකූලව, සම්බන්ධතා පුළුල් කිරීම සඳහා වේදිකාවක් සැපයීම, හොඳම භාවිතයන් හුවමාරු කරගැනීමසහ සහයෝගීතාව වර්ධනය කිරීම යනාදිය සඳහා පිලිපීනයේ තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි සංගමය (IBPAP), ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) වැනි අදාළ පාර්ශ්වකරුවන් අතර අන්තර්ක්‍රියා, සංවාද පැවැත්වීම සඳහා තානාපති කාර්යාලය විසින් පහසුකම් සපයනු ලැබේ.

     

    තවද, පිලිපීනය පදනම් කරගත් ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සමාගම් වෙත ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ- ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ තෝතැන්නක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා තානාපති කාර්යාලය දරන ප්‍රයත්න හමුවේ, මේ වන විට මෙරට තුළ සිය මෙහෙයුම් ස්ථාපිත කොට ඇති EMAPTA වැනි විදේශීය ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සමාගම්වලට මෙරටට ප්‍රවේශ වීම සඳහා අවැසි පහසුකම් සලසා දී ඇත.ශ්‍රී ලාංකික ප්‍රතිලාභීන් පන්සිය දෙනෙකු සඳහා වන තොරතුරු තාක්ෂණ ශිෂ්‍යත්ව වැඩසටහනක් සඳහා තානාපති කාර්යාලය මෑතකදී පිලිපීනයේ පිහිටි ජාත්‍යන්තර අධ්‍යාපන ගෝලීය විද්‍යාල මධ්‍යස්ථානය (Center for International Education Global Colleges Inc.) සමඟ සම්බන්ධ වී කටයුතු කළේ ය. එය කලම්බු රීකනෙක්ෂන්ස් රොටරි සමාජය සහ මැකාටි සර්කල් ඔෆ් ෆ්‍රෙන්ඩ්ස් රොටරි සමාජය හරහා ක්‍රියාත්මක වනු ඇත.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya