අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක්

    ජූලි 20, 2022

    පොදු ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් වූ විශේෂ සාකච්ඡාවක් මහාමාර්ග අමාත්‍යාංශයේදී පැවැත්විණි .

    මේ අවස්ථාවට ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන , විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහත්වරු මෙන්ම අමාත්‍යාංශ නිළධාරීන් හා අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් සහභාගි විය.

    ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේදී ම පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කිරීමට සාකච්ඡා කරන ලදි. එහදී මාර්ග බලපත්‍ර සහිත බස් රථ සඳහා ලංගම ඩිපෝ සහ හඳුනාගත් ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමටත්, දැනට අනෙකුත් පිරවුම්හල්වල ඇති බස් රථ ඩිපෝ වෙතින් ඉන්ධන ලබා දීමටත් තීරණය කරන ලදි. එමෙන්ම ඉදිරියේදී ප්‍රවාහන නියාමන ආයතන මගින් බලපත්‍රලාභී සහ පොදු ප්‍රවාහනයේ යෙදෙන බස් රථ සඳහා එම බස් රථ ධාවනය අනුව ඉන්ධන කෝටාවක් ලබා දීමටත් තීරණය කරන ලදි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya