අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති ධූරයට නම් තුනක් යෝජනා වෙයි- තරඟයට රනිල්,අනුර,ඩලස්

    ජූලි 19, 2022

    පරප්පාඩුව පවතින ජනාධිපති ධූරයට අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කිරීමේ නාම යෝජනා භාරගනීම අද (19)පාර්ලිමේන්තුවේ දී සිදු විය.

    ඒ අනුව ජනාධිපතිධූරයට තරඟ කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තු  මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා,  සහ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදීපත් වී තිබේ.

    එම නම් පාර්ලිමේන්තුවේ දී යෝජනා විය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමන් ජනාධිපති ධූරයට ඉදිරිපත් වන්නේ නැතැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණි.ඒ අනුව විපක්ෂ නායකවරයා විසින් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ නම පාර්ලිමේන්තුවේ දී යෝජනා කළේ ය. එම යෝජනාව ස්ථීර කළේ, අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා විසිනි.

    වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සභානායක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යෝජනා කළේ ය. ස්ථීර කළේ, මන්ත්‍රී මනූෂ නානායක්කාර මහත විසිනි. මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ නම ,මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් යෝජනා කළේ ය. මන්ත්‍රී  හරිනි අමරසූරිය මහත්මිය එම යෝජනාව ස්ථිර කළේය.

    වෙනත් නම යෝජනා නොවීම හේතුවෙන් මහලේකම්වරයා විසින් අදාළ නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

     පරප්පාඩුව පවතින ජනාධිපති ධූරයට අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම හෙට (20) පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම්, පාර්ලිමේන්තුවට දැන්වීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya