අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති ධූරයට නාම යෝජනා කැඳවීම අද - ඡන්ද විමසීම හෙට

    ජූලි 19, 2022

    පුරප්පාඩුව පවතින ජනාධිපති ධූරය සඳහා නාම යෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිතය.

    1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 4 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිධුරයේ පුරප්පාඩුව ඇති වී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවිය යුතුය.

    මේ අනුව එම පනතේ 5 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව මහලේකම්වරයා පසුගිය දා ප්‍රකාශ කළේ ය.

    ඒ අනුව අද (19 වන අගහරුවාදා ) නාමයෝජනා කැදවීමත් ඉන් අනතුරුව හෙට (20 වැනි බදාදා) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනතුරුව මන්ත්‍රීවරයෙකු ජනාධිපතිධුරය සදහා තෝරා ගැනීම සිදු වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya