මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ජනාධිපතිවරයකු තෝරා පත්කරගන්නා තෙක් ව්‍යවස්ථාව ප්‍රකාරව එම ධුරයේ අග්‍රාමාත්‍යවරයා කටයුතු කරනු ඇත- කතානායක

    ජූලි 15, 2022

    නව ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීමේ ක්‍රියාදාමය අවසන් වන තෙක් ජනාධිපතිධුරයේ බලතල,කාර්යය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවස්ථාව ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයා කටයුතු කරනු ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

    අද (15) කතානායක නිල නිවසේ සිට සිදු කළ ප්‍රකාශයේ දී මේ බව නිවේදනය කළේ ය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් නීත්‍යාණුකූලව ඉල්ලා අස් වී තිබෙන බව එහිදී කතානායකවරයා පැවසීය.

    ''නව ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම පක්ෂ නායක රැස්වීමේ දී සියලු පක්ෂ නායකයින් දැනුවත් කළ ආකාරයට 1981 අංක 02 දරන ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ විශේෂ විධිවිධාන පනත සහ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය ප්‍රකාරව ක්‍රියාත්මක කරනු ලැබේ.

    මෙම කටයුත්ත ඉතා ඉක්මනින් සාර්ථකව අවසන් කිරීම මාගේ අරමුණයි.දකුණු ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ආඩම්බර වන අප මෙම ක්‍රියාදාමය උපරිම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ හා විනිවිදභාවයකින් ක්‍රියාත්මක කිරීම,අප රටේ පමණක් නොව ලෝක දේශපාලන ඉතිහාසයට ද වැදගත් ඓතිහාසි සිදුවීමක් වනු ඇත'' යනුවෙන් කතානායකවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya