මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති නීත්‍යාණුකූලව ධූරයෙන් ඉල්ලා අස් වූ බව කතානායක නිල වශයෙන් නිවේදනය කරයි

    ජූලි 15, 2022

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් නීත්‍යාණුකූලව ඉල්ලා අස් වී තිබෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (15) නිල වශයෙන් ප්‍රකාශ කළේ ය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(1) ආ වගන්තිය ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය ලැබී තිබෙන බවත් ඒ අනුව 2022 ජූලි මස 14 දින සිට ජනාධිපතිවරයා සිය ධූරයෙන් නීත්‍යාණුකූලව ඉවත්ව තිබෙන බව කතානායකවරයා නිවේදනය කළේ ය.

    අද (15) කතානායක නිල නිවසේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව නිවේදනය කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya