මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපානයේ රැකියාවලට බඳවා ගන්නා විභාග කීපයක් අවලංගු කෙරේ

    ජූලි 15, 2022

    විශේෂිත නිපුණතා සහිත ශ්‍රමිකයින් බඳවාගැනීමේ වැඩසටහන (Specified Skilled Worker Program - SSWP) යටතේ පවත්වනු ලබන විභාග අවලංගු කිරීම පිළිබඳව නිවේදනයයි.

    රටෙහි පවතින වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2022.07.15, 17 සහ 19 දිනයන් හි පැවැත්වීමට නියමිතව තිබූ පහත සඳහන් විභාග අවලංගු කර ඇති බව ජපානයේ ආගමන සේවා එජන්සි ආයතනය දන්වා සිටියි.

     ජපන් භාෂාව පිළිබඳ මූලික විභාගය (JFT Basic)
     සාත්තු සේවා නිපුණතා විභාගය
     ආහාර සැකසුම් නිපුණතා විභාගය

    තවද, රටෙහි පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී පැවැත්වෙන ඉහත විභාග දිනයන් සංශෝධනය හෝ අවලංගු කිරීමට සිදුවිය හැකි බවද ජපානයේ ආගමන සේවා එජන්සි ආයතනය දන්වා ඇත.

    මධුශාන් කුලරත්න
    කළමනාකරු (ප්‍රචාරක)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya