මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ නිල නිවේදනය අද ප්‍රකාශ කරනවා - කතානායක

    ජූලි 15, 2022

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ ඉල්ලා අස්විමේ ලිපිය සම්බන්ධව නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (15) දිනය ඇතුළත ප්‍රකාශ කිරීමට නියමිත බව කතානායක කාර්යාලය පවසයි.

    ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බවට සඳහන් ලිපිය පසුගිය 13 දින ලැබීමට නියමිත බව කතානායකවරයා විසින් මීට පෙර රට හමුවේ ප්‍රකාශ කර තිබුණි.

    කෙසේ වෙතත් අදාළ ලිපිය  ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා   ශ්‍රී ලංකාවේ සිංගප්පුරු තානාපති කාර්යාලය මඟින් (14)  යොමු කර තිබූ  බවට කතානායක කාර්යාලය වාර්තා කළේ ය.

    මේ වනවිට අදාළ ලිපිය සම්බන්ධව පවතින නිවැරැදිභාවය සහ නීතිමය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව මේ පිළිබඳ නිල ප්‍රකාශය අද දිනය ඇතුළත ප්‍රකාශ කරන බව ඊයේ කතානායක කාර්යාලය ප්‍රකාශ කර තිබුණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya