අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෝප් කම්ටු කමිටුව හමුවට කැඳවන්න- බලශක්ති අමාත්‍ය

    ජූලි 09, 2022

    ඉන්ධන මිල සහ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා විසින් කරන ලද චෝදනා පිළිබඳව විමසීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තමන් කෝප් කමිටුව හමුවට කැඳවන ලෙස කෝප් කම්ටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන වි‌‌ජේසේකර මහතා ඉල්ලා සිටින බව අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටි.

    මහජන උපයෝගිතා කොමිසමේ සභාපති හෝ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සහ වෙනත් යම් කරුණක් සම්බන්ධයෙන් කෝප් කමිටුව සහ මහජනතාව නොමඟ යවා තිබේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට එම ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත් සටහන් වේ.

    එම ට්විටර් පණිවුඩයට ප්‍රතිචාර දක්වමින් කෝප් කම්ටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයක සටහන් වන්නේ, මෙම ගැටලුව පිළිබඳව සොයා බැලීම සඳහා බලශක්ති සහ බලශක්ති අංශය,ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ජූලි 12 වැනි දින පෙ.ව. 10ට කැඳවීමට කෝප් කමිටුව දැනටමත් තීරණය කර තිබෙන බවය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya