මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක තොගය ජූලි මස 06 දින ශ්‍රී ලංකාවට

    ජූනි 24, 2022

    යල කන්නය සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට හදිසි අවශ්‍යතාවය මත ලබා දෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක තොගය ජූලි මස 06 දින ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවත් එය ලැබුණ විගස ජූලි මස 10 වැනි දින සිට 15 දක්වා කාලසීමාවේදී ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් රටපුරා බෙදාහැරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

     

     

    එසේම දිවයින පුරා සිටින ගොවීන්ට ලබා ගැනීම පහසුවන පරිදි මෙම පොහොර තොගය රජයට අයත් ලංකා කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකාපොහොර සමාගම මගින් බෙදා හැරීම් සිදු කෙරේ . ඒ සඳහා දැනටමත් ලොරි රථ 2000ක් මගින් බෙදා හැරීම් සිදු කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒසඳහා අවශ්‍ය ඉන්ධන ඩීසල් ලීටර් 125,000ක් වෙන් කරන ලෙස ඉල්ලා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කන්චනවිජේසේකර මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

    දැනට වෙළෙඳපොළ තුළ යුරියා පොහොර හොණ්ඩරයක අලෙවි මිල රුපියල් 40,000 සිට 42,000 දක්වා වේ.ගොවි සංවිධානවල ඉල්ලීමට අනුව යූරියාහොණ්ඩරයක් රුපියල් 10000ක මුදලට අලෙවි කිරීමට සැළැසුම් කර තිබේ. මෙම පොහොර තොගය ලැබුණු විගස ඒවා කිලෝග්‍රෑම් 50 බෑග්වලට ඇසිරීමසඳහා අවශ්‍ය මළු ද මේ වනවිට ඇණවුම් කර තිබේ.

     

    මෙම යුරියා පොහොර තොගය ඉන්දීය රජය විසින් එම රටේ වී හා බඩඉරිඟු වගාව සඳහා ඔමාන් රටෙන් ඇණවුම් කරන ලද්දකි. මෙම පොහොර තොගයෙන්මෙට්‍රික් ටොන් 50,000ක් වී වගාව සඳහාත්, මෙට්‍රික් ටොන් 10,000ක් බඩඉරිඟු වගාව සඳහාත් ලබා දීමට නියමිතය.

    --

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya