මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතල බෙහෙත් හිඟයක් නෑ - ආචාර්ය කෙහෙළිය රඔුක්වැල්ල

    ජූනි 22, 2022

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත බෙහෙත් හිඟයක් පවතින බවට විවිධ මත පල වුවද එවැනි පාලනය කළ නොහැකි බෙහෙත් හිඟයක් නැත.

    ලබා දීමට නොහැකි වුවහොත් රෝගීන් මරණයට පත්විය හැකි ඖෂධ වර්ග 14 ක් තිබේ. එකී ඖෂධ වර්ගවල කිසිදු හිඟයක් නැත.ජලභීතිකා රෝගයට දෙන එන්නත්වල යම් අඩුවක් දක්නට ලැබුණද එයද එයද මේ වන විට රෝහල්වලට සපයා ඇත. ඒ හැර (22 දින) ජලභීතිකා එන්නත් මාත්‍රා 25,000 ක් ලැබෙන අතර ලබන මස මුල් සතිය වන විට චීන රජයෙන් තවත් එන්නත් ලක්ෂයක් ලැබීමට නියමිතයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී (21දින) “වත්මන් ආර්ථික දුෂ්කරතා හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සේවා අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාමේ සැලසුම්” පිළිබඳව පැවති මාධ්‍ය දැනුවත් කිරීමේි ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජලසම්පාදන අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඔුක්වැල්ල මහතා මෙම තොරතුරු සඳහන් කළේය.

    තවත් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 664 ක් ඇත. ඉන් ඖෂධ වර්ග 51 ක හිඟයක් කලින් තිබිණ.එයද දැන් 49 දක්වා අඩු වී ඇති අතර හිඟය ඉක්මනින්ම අවසන් කිරීමට පිළිවන. එම බෙහෙත්වලට විකල්ප බෙහෙත් වර්ග ගණනාවක් ඇති බැවින් රෝහල් වෙත පැමිණෙන ඕනෑම අසාධ්‍ය රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේ හැකියාව රෝහල් සතුව පවතී.

    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා නොවැටී පවත්වාගෙන යාම සඳහා අපගේ මිත්‍ර රටවල් විශාල වශයෙන් ආධාර දීමට ඉදිරිපත්ව සිටිනවා. අපට වාර්ෂිකව බෙහෙත් ආනයනය සඳහා ඇ.ඩො.මි. 260 කට ආසන්න මුදලක් වැයවේ. මේ වන විට විවිධ ක්ෂේත්‍රවලින් ඇ.ඩො.මි.49 ක් අපට ලැබී තිබෙනවා. මීට අමතරව ඊයේ (20) ඕස්ට්‍රේලියානු රජයෙන් ඇ.ඩො.මි. 50 ක ආධාර මුදලක් සෞඛ්‍ය හා අත්‍යාවශ්‍ය ආහාර වර්ග සපයා ගැනීම සඳහා ලබා දී ඇත. තවත් ඇ.ඩො.මි. 500 කට ආසන්න මුදලක් ලැබීමට නියමිතයි. ඉන් ඇ.ඩො.මි. 85 ක් දැනමටත් ලැබී තිබේ.

    කලින් ලැබුණ ඩොලර් මිලියන 23 ට අමතරව අලුතෙන් ඇ.ඩො.මි. 50 ක් ලැබී ඇත. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො.මි. 66 ක් ලැබී තිබෙනවා. ආසියානු සංවර්ධන හා යටිතල පහසුකම් ආයතනයෙන් ඇ.ඩො.මි. 100 ක් සහ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඇ.ඩො.මි.200 ක් ලබා දී ඇත.

    ලබන අගෝස්තු මාසය වනතුරු යම් දුෂ්කරතා පැවතියද 2023 මැද හෝ වසර 2024 ට ආසන්න වනතුරු කිසිම අවස්ථාවක බෙහෙත් හිඟයක් ශ්‍රී ලංකාවේ ඇතිවිය නොහැකි බව අමාත්‍ය රඔුක්වැල්ල මහතා අවධාරණය කළේය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය තාක්ෂණික සේවා සෞඛ්‍ය ප්‍රදාන පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හන්දානි යන මහත්වරුද සාකච්ඡාවට සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya