අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය EXIM බැංකුව සමඟ ගිවිසුමකට

    ජූනි 11, 2022

    මුදල් අමාත්‍යාංශයේ ලේකම් එම්.සිරිවර්ධන මහතා ඉන්දීය EXIM බැංකුව සමඟ ඊයේ(10) ගිවිසුමකට අත්සන් තැබීය.

    යල වගා කන්නයේ ක්ෂණික යූරියා පොහොර ඉල්ලුම සපුරාලීම සඳහා මෙට්‍රික් ටොන් 65,000 ක යූරියා පොහොර ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දීය රජයෙන් ණය පහසුකම් ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, ඉන්දියාවෙන් යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 55 ක ඩොලර් ණය මාර්ගයක් පිරිනැමීමට ඉන්දීය රජය එකඟ විය.

     

    ගිවිසුම අත්සන් කිරීම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ. ගෝපාල් බග්ලේ මහතා ද සහාභගි විය . එමෙන්ම කෳෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඊට එක් වුනා .

    රට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල උග්‍ර හිඟයකට මුහුණ දී සිටින බැවින් ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම තම ප්‍රමුඛතාවය බව අග්‍රාමාත්‍යවරයා මීට පෙර පෙන්වා දුන්නා . මෙම ණය පහසුකම ඉදිරි යල කන්නය සඳහා යූරියා ලබා ගැනීම සහතික කිරීමට උපකාරී වනු ඇත .

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya