මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් මිලියන 105කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා නීතීයේ රැහැනට

    ජූනි 06, 2022

    ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කිලිනොච්ච් ප්‍රදේශයේ සහ කයිට්ස්, අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ 2022 ජුනි මස 03 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝ 350 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ මෝටර් රථයක් නීතීයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

    උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව, වේළුසුමන සහ උත්තර ආයතනයන් පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව කයිට්ස් දුපතේ අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ 2022 ජුනි මස 03 වන දින විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී. එහිදී, සැකටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක් කර එම නිවසේ උර 04ක් තුළ පාර්සල් 59ක අසුරා සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 141 ග්‍රෑම් 605ක තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

    එමෙන්ම, උතුරු නාවික විධානයේ වෙත්තලකේණි නාවික අනුකණ්ඩය මඟින්, පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව කිලිනොච්ච් විවේකානන්ද නගර් ප්‍රදේශයේ 2022 ජුනි මස 03 වන දින පස්වරුවේ සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ සැකටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී එම නිවසේ උර 05ක් තුළ පාර්සල් 91ක අසුරා සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 208 ග්‍රෑම් 545ක තොගයක් සමඟ සැකකරුවෙකු සහ එම කේරළ ගංජා ‍තොගය ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ මෝටර් රථයක්ද අත්අඩංගුවට ගන්නා ලදී.

    මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවටගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 105කට අධික වෙතැයි විශ්වාස කරන අතර, අත්අඩංගුවටගත් සැකකරුවන් වයස අවුරුදු 43ක් සහ 46ක් වන අල්ලප්පිඩ්ඩ් සහ මුලතිව් යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලදී.

    තවද, කයිට්ස් දූපතේ අල්ලප්පිඩ්ඩ් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලද කේරළ ගංජා තොගය සහ සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කළ අතර, කිලිනොච්ච් විවේකානන්ද නගර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය, සැකකරු සහ මෝටර් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චි පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya