මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුර බැස යාමත් සමඟ යට වූ ඇති මාර්ගවල වාහන ගමනාගමනයේ දී සුපරික්ෂාකාරී වන්න - වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ

    ජූනි 03, 2022

    ගංවතුර බැස යාමත් සමඟ යට වූ මාර්ග වල සහ අපැහැදිලි ජලයේ වාහන ගමනාගමනය කිරීමේ දී සුපරික්ෂාකාරී වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජල විද්‍යා ඉංජිනේරු එස් පී සී සුගීශ්වර මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

    එමෙන්ම, ගංවතුරට යට වූ පරවල දැඩි ලෙස අබලන් වී හෝ තිබිය හැකි ඒ පිළිබඳව අවධානයෙන් ගමනාගමන කටයුතු සිදු කරන ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    කැළණි ගඟේ කිසිඳු ගංවතුර තර්ජනයක් මේ වන විට නොමැති බවත් හෙතෙම මෙහි දී පවසන ලදුව පසුගිය දිනවල ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දිනවල කැළණි, කළු, ගිං, සහ නිල්වලා යන ගංගා වල ද අත්තනගලු ඔයේ ද ජල මට්ටම ඉහළ යාම නිසා එකී ගංගා වල පහළ ප්‍රදේශ වලට සුළු ගංවතුර තත්ත්වයකට පත් වූ අතර අද දිනය වන විටත් එම ජල මට්ටම් ඉහළ තත්ත්වයක පවතින අතර හෙට දිනයේ දී ද මෙම තත්ත්වය පැවතිය හැකි නමුත් ජල මට්ටම් වල වර්ධනයක් හෙට දිනයේ දී අපේක්ෂා නොකෙරෙන බව සඳහන් කෙරිණි.

    එහෙත් මේ වන විට එම ගංගාවල ඉහළ ප්‍රදේශ වල ජල මට්ටම බොහෝ දුරට සාමාන්‍ය තත්ත්වයට පත් ව ඇති අතර එම කිසිඳු ස්ථානයකින් ගංවතුර තත්ත්වයක් වාර්තා නොවන බව ද හෙතෙම පැවසීය. කෙසේ වුවද, ගංගා ආශ්‍රිතව පහත් බිම් වල ජිවත් වන ජනතාව වඩාත් සැළකිලිමත්ව සිටින ලෙස ඒ මහතතා තවදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya