මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රාජකාරි අරඹයි

    මැයි 25, 2022

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ ජ්‍යේෂ්ඨ පරිපාලාන නිලධාරියකු වන අනූෂ පැල්පිට මහතා අද (25) සුබ මොහොතින් සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.

    ජනාධිපති ගෝඨාභය රාජාපක්ෂ මහතා ඉදිරියේ ඊයේ (24) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අභිනව ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට මහතා නැවත වරක් දිවුරුම් දුන්නේ ය. අත්දැකීම් බහුල පරිපාලන නිලධාරියකු වන ඔහු මීට පෙරද ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය.

    මීට පෙර ඒ මහතා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය අංශයේ තනතුරු රැසක් හොබවා ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද අනූෂ පැල්පිට මහතා  කටයුතු කළේ ය.
    .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya