මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජල සම්පාදන ඇමති රාජකාරී අරඹයි

    මැයි 25, 2022

    ජල සම්පාදන අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා (මැයි 24) දින බත්තරමුල්ල, පැලවත්ත ජල සම්පාදන අමාත්‍යාංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.

    ජල සම්පාදන අමාත්‍යංශයේ ප්‍රධානතම ව්‍යාපෘතිය වන වර්ෂ 2025 දී සැමට පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යමින් එම ඉලක්කය සපුරා ගැනීම තම අරමුණ බව පැවසූ නව අමාත්‍යතුමන් කුමන බාධක ගැටලු හමුවේ වුවද මහජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම අඛණ්ඩව සිදු කිරීමට අමාත්‍යංශය යටතේ ඇති සියලු ආයතන හා එක්ව සියලු දෙනාගේම සහයෝගය, උනන්දුව සහ කැපවීම මත කටයුතු කරන බවද කියා සිටියේය.

    ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එච්.කරුණාරත්න, අතිරේක ලේකම්වරුන් වන පී.හේවගේ, ඒ.සී.එම්. නෆීල්, එච්.සී.ජේ.තිලකරත්න, ජල සම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජයතිලක හේරත් ඇතුලු අමාත්‍යංශ නිළධාරීන් මෙම අවස්ථාවට එක්විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya