මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විළඳ මීපිඬු පූජා උත්සවය ජුනි 03 වනදා රුවන්වැලි මහා සෑය අබියස දී

    මැයි 25, 2022

    රුවන්වැලි මහා සෑ රදුන් අබියස දී වාර්ෂිකව පවත්වන විළඳ මී පිඩු පුජා පුණ්‍ය උත්සවය මෙවරද සිදු කිරිමට සියළු කටයුතු සුදානම් කොට ඇති බව මෙම උතුම් පිංකම සංවිධානය කරන පූජ්‍ය කඳුළුගමුවේ සුමන තිස්ස හිමියෝ සඳහන් කරති.

    මෙවර පිංකම එළඹෙන ජුනි 03 වනදා අළුයම 3.00 ට ආරම්භ වේ. රුවන්වැලි චෛත්‍යරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ ගේ අවවාද අනුශාසනා පරිදි මේ උතුම් පිංකම පවත්වනු ලබයි.

    බුද්ධත්වයට පත්වීමෙන් පසුව බුදුරජාණන් වහන්සේට පුජා කළ පළමු දානය විළඳ මී පිඩු පුජාව බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. බුද්ධත්වයෙන් පනස්වෙනි දින හිමිදිරියේ කරත්ත පන්සියයකින් වෙළෙදාමේ ගිය තපස්සු බල්ලුක වෙළෙන්දෝ බුදු රජාණන්වහන්සේට විළඳ මී පිඩු පුජා කළහ. ඒ උතුම් පිංකම සිදු කළ දිනය සිහිකරමින් වාර්ෂිකව‍ වෙසක් පුන්පොහෝ දිනය පසුවී සත් සතියක් ගෙවී යාමෙන් පසුව පනස් වෙනි දින විළඳ මී පිඩු පුජාව රුවන්වැලි මහා සෑය අබියසදි පවත්වයි.

    2010 වර්ෂයේ ජූලි පහළොස්වනදා ආරම්භ කළ විළඳ මී පිඩු පුජා පුණ්‍ය උත්සවය වාර්ෂිකව මේ දක්වා ලොව්තුරා බුදුන් රජාණන්වහන්සේට පළමු දානය පුජා කරනවා යන අධිෂ්ඨානයෙන්ම රුවන්වැලි මහා සෑය අබියසදී සිදු කෙරේ.

    බුද්ධ කාලයේ මේ උතුම් දානය තපස්සු බල්ලුක වෙ‍ළද දෙබෑයන් විසින් කරත්ත 500 ක ගොස් පුජා කළා මෙන් අද ද එසේම පැවැත්වීම මෙම පිංකමෙහි ඇති විශේෂත්වයයි.ඒ අනුව වාර්ෂිකව අනුරාධපුර, විලච්චිය පාර ,3 කණුව ප්‍රදේශයේ පිහිටි විළඳ මී පිඩු සේනාසනය අසළින් හිමිදිරි පාන්දර කරත්තවලින් සමන්විත පෙරහරින් ගොස් විළඳ මී පිඩු පුජාව සිදුකරයි.

    මෙම උතුම් පිංකමට සම්බන්ධ වී පිං පමුණුවා ගැනීමට ලංකාවාසි බෞද්ධ ජනතාවට අවස්ථාව තිබේ. මේ සඳහා සම්බන්ධවීමට කැමැත්ත දක්වන පිංවතුන්ට 071-5976664 යන දුරකථන අංකයෙන් පූජ්‍ය කදුළුගමුවේ සුමනතිස්ස ස්වාමීන්වහන්සේ ඇමතිය හැකියි.
    DMU/Anuradhapura

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya