අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය

    මැයි 15, 2022

    මාධ්‍ය නිවේදනය

    LTTE ත්‍රස්තවාදී සංවිධානය විසින් මැයි මස 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් ඉන්දියාවේ The Hindu පුවත්පතේ පුවතක්
    2022 මැයි මස 13 දින පල කර ඇත.

    ඉහත තොරතුරු සබැඳිව මෙරට බුද්ධි අංශ විසින් ඉන්දීය බුද්ධි අංශ වෙතින් කරුණු විමසීමෙන් අනතුරුව එම තොරතුර සාමාන්‍ය තොරතුරක් ලෙස දන්වා ඇති බවත් මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කර වැඩිදුර තොරතුරුවේනම් ඒවා පිළිබඳව මෙරටට දැනුම් දීමට කටයුතු කරන බව ද දන්වා ඇත.

    කෙසේ වෙතත් මෙම තොරතුර සහ ජාතික ආරක්‍ෂාව හා සබැඳිව බුද්ධි සහ ආරක්‍ෂක අංශ වෙත ලැබෙන සියලු තොරතුරු පිළිබඳව නිසි විමර්ශනයන් සිදු කර අදාළ ආරක්‍ෂක අංශ දැනුවත් කර ආරක්‍ෂාව තර කිරීම සඳහා සියලු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya