මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කණ්ඩායමේ ප‍්‍රකාශය

    අප්‍රේල් 24, 2022

    ශ‍්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කණ්ඩායමේ ප‍්‍රකාශය

     

     ශ‍්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කණ්ඩායමේ ප‍්‍රකාශය අප්‍රේල් 23, 2022.


    වොෂිංටන් නුවර: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2022 වසරේ වොෂිංටන් නුවර පැවති රැස්වීමේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක‍්‍රිස්ටලිනා ජෝජිවා සහ එහි අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිළධාරීන් මුදල් අමාත්‍ය අලි සබ්රි සහ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ විසින් ප‍්‍රධානත්වය දරන ලද ශ‍්‍රී ලංකා දූත පිරිස හමුවී දැනට උද්ගතව ඇති ආර්ථික අභියෝග ජයගැනීම සඳහා වූ ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාකාරකම් පිලිබඳව සාකච්ඡා කරන ලදී. ශ‍්‍රී ලංකාව සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කණ්ඩායම එම අරමුදලේ උපකාරක වැඩසටහනක් යටතේ මූලික තාක්ෂණික සාකච්ඡා ශ‍්‍රී ලංකා දූත පිරිස සමඟ සිදු කරන ලදී. පසුව ශ‍්‍රී ලංකාව සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කණ්ඩායමේ නායක මසාහිරෝ නොසාකි පහත සඳහන් ප‍්‍රකාශය අද දින නිකුත් කරන ලදී.

    බලධාරීන්ගේ ඉල්ලීම පරිදි ශ‍්‍රී ලංකා දූත පිරිස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කණ්ඩායම එම අරමුදලේ උපකාරක වැඩසටහනක් යටතේ මූලික තාක්ෂණික සාකච්ඡා පලදායී ලෙස පවත්වන ලදී. ශ‍්‍රී ලංකාවේ මෑතක ඇතිවූ ආර්ථික හා මූල්‍ය ප‍්‍රවණතා, සර්ව ආර්ථික ස්ථාවර භාවය යළි ඇති කිරීම සඳහා විශ්වසනීය හා පැහැදිලි උපායමාර්ග ක‍්‍රියාත්මක කිරීමට ඇති අවශ්‍යතාව සහ දිළිඳු හා දිළිඳු බවින් අගතියට පත්විය හැකි ජන කොටස් වලට පවතින ආර්ථික අර්බුද හේතුකොටගෙන සිදුවිය හැකි අහිතකර බලපෑම් අවම කිරීම පිණිස ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක ඇති වැදගත්කම මෙම සාකච්ඡාවලට ඇතුලත් විය. ණය හිමියන් සමඟ සහයෝගීතාවයෙන් යුතුව සංවාදයක නියැලීමට බලධාරීන් ගේ ඇති සැලසුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කණ්ඩායම පිළිගන්නා ලදී. තවද බළධාරීන් සමඟ සහ ඔවුන්ගේ ආර්ථික වැඩසටහන් සමඟ සමීපව කටයුතු කරමින් අර්බුද වලට කාලීන විසඳුම් සෙවීමට උත්සාහ දරන සියලූ කොටස්කරුවන් සමඟ ද එක්වී දැනට පවතින ආර්ථික අර්බුද ජය ගැනිමට ශ‍්‍රී ලංකාව දරන ප‍්‍රයත්නයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කණ්ඩායම උපකාර කිරීමට බලාපොරොත්තු වේ.

    ටිං යෑං, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සම්බන්ධතා හා ප‍්‍රවෘත්ති නිළධාරී.

     

     

     

    imff

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya