මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය ඓතිහාසික මහනුවර දී

    අප්‍රේල් 17, 2022

    අලුත් අවුරුදු සුබ නැකතට අනුව හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි මහා නාථ දේවාලයේ දී  අද (17) සිදු කෙරිණ.

    සාම්ප්‍රදායික සිංහල නැකැත් චාරිත්‍ර වලට මුල්තැන දෙමින් අස්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමියන්ගේ සහ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම අනුනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංඝ රත්නයේ ආශිර්වාදය මධ්‍යයේ පෙ.ව. 7.04 ට යෙදුණ සුබ නැකතින් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ප්‍රමුඛ සියලු දෙනාගේ ප්‍රධානත්වයෙන් හිසතෙල් ගෑම සිදු විය.

    මෙවර හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව හා එක්ව සංවිධානය කර තිබු අතර එහිදී සාම්ප්‍රදායික චාරිත්‍ර අනුව හස්තීන්ගේ හිසතෙල් ගැල්වීම සිදු කළ අතර එහිදී දළදා මාලිගයේ ඇත් පන්තියේ තායි රාජා හස්තියාගේ හිසතෙල් ගැල්වීමද සිදු කෙරිණ

    එම අවස්ථාව සඳහා දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර, ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන ඇතුලු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya