මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      මහජන උද්ඝෝෂණ සහ විරෝධතා පෙළපාලි සඳහා ළමයින් සහභාගි කරවාගැනීම ගැන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අවධානය

    අප්‍රේල් 07, 2022

    විශේෂ ප්‍රවෘත්ති නිවේදනය

    මහජන උද්ඝෝෂණ සහ විරෝධතා පෙළපාලි සඳහා ළමයින් සහභාගි කරවාගැනීම සම්බන්ධවයි.

     

    කොළඹ හා දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ දිනවල පැවැත්වෙන මහජන උද්ඝෝෂණ සහ විරෝධතා පෙළපාලි සඳහා දෙමව්පියන් සහ භාරකරුවන් ඇතුලු විවිධ පාර්ශවයන් විසින් ළමයින් සහභාගි
    කරගැනීමේ අවස්ථා පිළිබඳව දැකගත හැකි අතර ඒ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ අවධානය යොමුවී ඇත.

    පසුගිය දින වල පැවැති මෙවැනි මහජන උද්ඝෝෂණ සහ විරෝධතා පෙළපාලි අතරතුර පැනනැගුණු නොසන්සුන්කාරී තත්වයන් සහ ගැටුම් හේතුවෙන් විවිධ පාර්ශවයන් හට පීඩා සිදුවිය.එබැවින් එවැනි අවස්ථාවන් සඳහා ළමුන් සහභාගිකර ගැනීම හේතුවෙන් ඔවුන් අනතුරුවලට හෝ කායික සහ මානසික පීඩාවලට ලක්වීමේ අවදානමක් පවතී.

    1991 වර්ෂයේදී ශ්‍රී ලංකා රජය, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අත්සන් තබා එහි පාර්ශවකරුවෙකු බවට පත්ව ඇති අතර එම ප්‍රඥප්තියේ 3වන වගන්තිය මගින් දක්වා ඇත්තේ දෙමව්පියන් සහ භාරකරුවන් ඇතුලු සියළු පාර්ශවයන් ළමයින්ගේ ආරක්ෂාව තහවුරුකොට ඔවුන්ගේ උපරිම යහපත සැලසීමට බැඳී සිටින බවයි. එම නිසා, ළමයින්ගේ ආරක්ෂාව සහ උපරිම යහපත සැලසීම සියළුම පාර්ශවයන්ගේ වගකීමක් ලෙස සලකා මහජන උද්ඝෝෂණ සහ විරෝධතා පෙළපාලි සඳහා ළමුන් සහභාගි කරගැනීමෙන් වලකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දෙමව්පියන් සහ භාරකරුවන් ඇතුලු සියළු පාර්ශවයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

    උදයකුමාර අමරසිංහ
    සභාපති
    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya