මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්

    අප්‍රේල් 01, 2022

    තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවති 5 වැනි බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය ඩොන් ප්‍රමුද්විනායි මහතා සමඟ සාකච්ඡා පැවැත්වී ය.

    මෙම හමුවේ දී අමාත්‍යවරු දෙපළ, ථේරවාද බුදුදහම සහ බුද්ධ ශාසනය හා සබැඳි කර්තව්‍යයන් සඳහා සහය ලබා දීම, වන්දනාකරුවන්ගේ සංචාර, ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට සහය ලබා දීම, සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව, වී වගාව සහ මිරිදිය ධීවර කර්මාන්තය ආශ්‍රිත නව්‍ය ක්‍රමවේද සහ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත සංවර්ධනය යනාදිය ඇතුළු සහයෝගිතාව හා සබැඳි පුළුල් පරාසයක ප්‍රායෝගික විධික්‍රම පිළිබඳ සාකච්ඡා පැවැත්වූ හ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya