මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ලබාදෙන ආහාර වේල කප්පාදු කර නෑ- අධ්‍යාපන ලේකම්

    මාර්තු 31, 2022

    අධ්‍යාපන අමාත්‍යංශය විසින් විසින්පාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ලබාදෙන ආහාර වේල කප්පාදු කර නැතැයි අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

    කාන්තා හා ළමා පෝෂණය, සෞඛ්‍ය හා සුරක්ෂණය සම්බන්ධයෙන් අද(31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන ලේකම්වරයා මේ බව පැහැදිළි කළේය.

    මහින්ද චින්තන වැඩසටහන යටතේ දිවයින පුරා තෝරා ගත් පාසල් 7000 කට ආසන්න ප්‍රමාණයක ඉගෙනුම ලබන දරුවන් , දසලක්ෂ අසූ එක්දහසකට පෝෂණ ව්‍යාපෘතියක් ලෙස ආහාර
    වේලක් ලබාදීම සිදු කරයි. මේ සඳහා මහාභාණ්ඩාගාරය ප්‍රතිපාදන ලබා දෙන අතර එක් ආහාර වේලක් සඳහා රුපියල් 30ක මුදලක් වෙන් කර ඇත. මෙම ආහාර වේල සතියකට දින 05ක් ලබා
    දෙයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ සහිතව මෙම ආහාර වේල නියම කර තිබේ.

    2017.03.17 දිනැති 10/2017 චක්‍රලේඛය අනුව නියමිත වට්ටෝරුවක් යටතේ මෙම ආහාරවේල ලබාදීම සිදු කරන අතර, 2022.03.21 දිනැති MW/CASS/ED/HN/02/03 අංකයෙන් යුතු
    අධ්‍යාපන ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපිය මගින් එම ආහාර වට්ටෝරුව සංශෝධනය කර ඇත.

    මේ සම්බන්ධයෙන් පැහැදිළි කල අධ්‍යාපන ලේකම්වරයා පැවසුවේ රටේ පවතින වර්තමාන ආර්ථික තත්වය මත එක් දරුවෙකුගේ ආහාර වේල සඳහා ගෙවන දෛනික මුදල ප්‍රමාණවත් නොවන
    බවට ආහාර සැපයුම්කරුවන් විසින් තමා වෙත ඉල්ලීමක් සිදු කළ බවයි. එක් ආහාර වේලක් සඳහා වැය කරන ,රුපියල් 30ක මුදල රු 60 දක්වා වැඩි කරන ලෙස සැපයුම්කරුවන් ඉල්ලා සිටි
    බවත් ක්ෂණිකව එම තීරණය ගත නොහැකි බැවින් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ මත තාවකාලික ක්‍රමවේදයක් වශයෙන් ආහාර වට්ටෝරුව සංශෝධන කළ බව ලේකම්වරයා පැහැදිළි
    කළේය. ඒ අනුව දරුවන්ගේ පෝෂණය අඩාල නොවන පරිදි සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් මත මෙම සංශේධන සිදු කළ බව ලේකම්වරයා අවධාරණය කළේය.

    රුපියල් මිලියන 6400ක (බිලියන 6.4) මුදලක් , දරුවන් දසලක්ස අසූ එක්දහසකට ආහාර සැපයීම සඳහා වසරකට වියදම් වන බව පෙන්වා දුන් ලේකම්වරයා මෙම මුදල එක් රුපියලකින් හෝ
    වැඩි කළහොත් , වෙන් කළ ප්‍රතිපාදන වලට අමතරව විශාල මුදලක් ඒ සඳහා වැය වන බව ලේකම්වරයා පෙන්වා දුන්නේය. දරුවන්ගේ පෝෂණය අඩාල නොවන පරිදි සහ ඒ ඒ ප්‍රදේශ වල
    සැපයුම්කරුවන් ආරක්ෂා කර ගැනීමට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කළ බවත් ලේකම්වරයා පැහැදිළි කළේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන ලේකම්වරයා පැවසුවේ,

    "මෙම ක්‍රියාමාර්ගය අතිශය තාවකාලික ක්‍රියාමාර්ගයක්. සැපයුම්කරුවන් ආරක්ෂා කරගනිමින් , දරුවන්ට නිසි පෝෂණය ලබා දෙමින් හැකි ඉක්මනින් ප්‍රතිපාදන ලබා ගනිමින් ඉදිරියේදී කටයුතු
    කරනවා. එළඹෙන අප්‍රේල් මස 06 වන දින අප්‍රේල් මස පාසල් නිවාඩුව ආරම්භ කර අප්‍රේල් 18 නැවත පාසල් ආරම්භ කරනවා. එළඹෙන මැයි මාසය වන විට මෙය නැවත යථා තත්වයට පත් කිරීමට කටයුතු "කරනවා''යනුවෙනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya