අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ගැටළුවක් නෑ- කෘෂි ඇමති

    මාර්තු 25, 2022

    මෙරට ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ගැටළුවක් ඇති නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා (24) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

    එළඹෙන අලුත් අවුරුද්දට සාධාරණ මිලට සහල් ලබා දීමේ වැඩපිළිවෙලක් රජය සතුව ඇතැයිද අමාත්‍යවරයා කීය. ඉදිරියේදී ආහාර අර්බුදයකට රට මුහුණ දෙමින් සිටීන බව සහ ඒ සඳහා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27/2 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පසුගිය යල සහ මහ කන්නයන්හි අස්වැන්න සමස්ථයක් වශයෙන් ගත් කළ 25%ක පමණ ප්‍රමාණයක් අඩු වී ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා , එහෙත් මෙරට පරිභෝජනය සඳහා අවශ්‍ය ප්‍රමාණයට වී සහ එළවළු තොග ඇතැයිද පෙන්වා දුන්නේය. තවමත් ඇතැම් ප්‍රදේශ වල අස්වැන් නෙලන බැවින් මේ සම්බන්ධයෙන් නිවැරදි දත්ත ලබා දිය නොහැකි යැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ,

    බඩු මිල වැඩියි. මිනිසුන් අපහසුවෙන් ජීවත් වන්නේ. මෙය ලෝක ආර්ථික අර්බුදයක්. ඩොලරයත් සමග මෙම ආර්ථික අර්බුදය ඇති වී තිබෙනවා. මෙය අපේ රටේ පමණක් තිබෙන දෙයක් නොවේ. යැයි පැවසීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya