අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වභාවික ද්‍රවිකෘත වායු (LNG) විදුලි බලාගාරය වලින් ලබන වසර වනවිට මෙගාවොට් 200 ක් ජාතික විදුලි පද්ධතියට

    මාර්තු 25, 2022

    මෙගාවොට් 350ක ධාරිතාවයකින් යුත් "සොබාධනවි" ස්වභාවික ද්‍රවිකෘත වායු (LNG) විදුලි බලාගාරය වලින්ලබන වසර වනවිට මෙගාවොට් 200 ක් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිවන, "සොබාදනවි" ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික ද්‍රවිකෘත වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම වෙනුවෙන් පසුගියදා පැවති විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

    මෙම බලාගාරය ඉතා දිගු කාලයක් ඉදිකිරීම ප්‍රමාද වූ ව්‍යාපෘතියක් බවත් නිසි කලට මෙම බලාගාරය ඉදිකිරීමට සමත්වූවානම්, අද රට මුහුණ දී තිබෙන විදුලි අර්බුදය ඇති නොවීමට තිබූ බවත් ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියාය.

    මෙගාවොට් 350 ක ධාරිතාවයකින් සමන්විත කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිවන සොබාදනවි ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරය මේවන විට ඉදිකිරීම් මට්ටමේ පවතී. රජය බලයට පත්වීමත් සමගින් මෙම බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට හැකිවූ අතර 2023 වසර වනවිට මෙහි පළමු අදියර ඉදිකිරීම් කටයුතු නිමකර මෙගාවොට් 200 ක් ජාතික පද්ධතියට එක්කිරීමට සැලසුම් කර තිබේ.තවද මෙහි දෙවන අදියර 2024 වසර වනවිට නිමකර සම්පූර්ණ ධාරිතාවයවන මෙගාවොට් 350 ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට සැලසුම් කොට ඇත. මෙම බලාගාරයේ සියලුම සැලසුම් හා ඉදිකිරීම් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් විසින් සිදුකිරීම විශේෂත්වයකි.

    මෙම අවස්ථාවට ලක්දනවි සමාගමේ සභාපති යූ.ඩී. ජයවර්ධන, ප්‍රධාන විධායක නිලධාරි එම්.ජේ.එම්.එන්. මරික්කාර්, නියෝජ්‍ය විධායක නිලධාරී ධම්මික නානායක්කාර යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya