මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ රෙගුලාසි කිහිපයක් විවාදයට

    මාර්තු 23, 2022

    වර්තමාන ඉඩම් පරිභෝජන රටාවට ගැළපෙන අයුරින් ඉඩම් සංවර්ධන ආඥාපනතේ රෙගුලාසි කිහිපයක් සංශෝධනය කරන බව ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසීය.

    ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ රෙගුලාසි කිහිපයක් අද (23) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඉඩම් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙම ආඥා පනතේ 25 වන වගන්තිය යටතේ නිකුත් කරන අවසර පත්‍රය, 27වන වගන්තිය යටතේ නිකුත් කරන දීමනා පත්‍රය, අවම අනුබෙදුම් ඒ්කකය සංශෝධනය කිරීම ඇතුළු කාරණා කිහිපයක් මේ යටතේ සංශෝධනය කෙරේ.

    විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා පැවසුවේ, දෙවන තුන්වන පරම්පරා වලට ඉඩම් අයිතිය ලබා දීමේදී යම් යම් ගැටළු වලට මුහුණ දීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන් ඉඩම් ආරවුල් විශාල ප්‍රමාණයක් ඇති වී ඇති බවයි.

    මෙම පනත සංශෝධනය කිරීම මගින් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව දෙමව්පියන් සමඟ හිඳිමින් ,ඉඩම සංවර්ධනය කරමින් භුක්ති විඳි ඉඩමේ අයිතිය හිමි වේ. වර්තමාන ඉඩම් පරිභෝජන රටාව දෙස බලන විට පැරණි අණ පණත් නොගැලපෙන බවත් ඒ අනුව මෙම සංශෝධන ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා පවසීය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya