මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් 

    මාර්තු 12, 2022

     Ø ප්‍රජාතන්ත්‍රවාදයට බය වුණොත් ආණ්ඩුවත් රටත් විනාශ වෙනවා ...අගමැති කියයි.

    වාර්ෂික ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේ කොළඹ දී පැවැත්විණ.

    ආසියාතික රාජ්‍යයන් අතරින් ප්‍රථම වරට සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාව ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ සුවිශේෂි සංධිස්ථානයක් අත්කර ගෙන ඇත. ජනතාව උද්යෝගීමත්ව ඡන්දය ප්‍රකාශ කිරීමට පෙළ ගැසෙති. එහෙත් ඡන්ද අයිතිය ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත පිළිබඳ බොහෝ දෙනෙකුට ඇති දැනුම අල්පය. ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමෙන් අපේක්ෂා කෙරේ.

    වර්තමානයේ පෙබරවාරි මස 01 වන දින “ඡන්ද හිමියන්ගේ දිනය” ලෙස නම් කර තිබේ.

    2012 වසරේ සිට “ඡන්ද හිමියන්ගේ දිනය” මූලික කරගනිමින් සම්මන්ත්‍රණ, පාගමන්, රථ පෙළපාළි, අත්පත්‍රිකා බෙදාහැරීම්, පොස්ටර් බැනර් ප්‍රදර්ශනය ඇතුළු විවිධ වැඩසටහන් මගින් ජනතාව දැනුවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගනු ලැබීය.

    පරමාධිපත්‍ය, සර්වජන ඡන්ද බලය හා ප්‍රජාතන්ත්‍රවාදය සාකච්ඡා කෙරෙන විද්වතුන්ගේ ලිපි ඇතුළත් ලිපි සංග්‍රහයක් එළිදැක්වීම මෙහිදී සිදු විය. දේශපාලනයේ නිරත ඇතැමුන් ප්‍රජාතන්ත්‍රවාදයට බිය බව, පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රජාතන්ත්‍රවාදයට බිය වුවහොත් එතැන් සිට ආණ්ඩුවත් රටත් විනාශ වන බව
    සඳහන් කළේය.

    1975 ඡන්දය කල් දැමීම, 1982 ජනමත විචාරණය හේතුවෙන් තරුණ තරුණියෝ ඡන්ද ක්‍රමය ගැන කළකිරීමට පත් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස 88/89 දී හැටදාහක් තරුණ තරුණියෝ පාරේ මරා දමන තැනට වැඩ සිද්ධ වූ බව අග්‍රාමාත්‍යවරයා සිහිපත් කරනු ලැබීය. එය තේරුම්ගත් තමා 2005 සිට 2015 දක්වා නියමිත කාලසීමාවට පෙර මැතිවරණ පවත්වමින් ඡන්ද අයිතිය ලබාදුන් බව සඳහන් කළේය.

    ඡන්දය දී ආණ්ඩු හදන අය එම ආණ්ඩු ශක්තිමත් කරමින් සංවර්ධනයට ද දායක විය යුතු බවත් වැරදි ඇතොත් ඒවා විවේචනාත්මකව පෙන්වා දීමෙන් ඡන්දදායකයාට වගකීම්සහගත පුරවැසියෙකු විය හැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා මෙහිදී කියා සිටියේය.

    මැතිවරණ කාලසීමාවලදී කොමිෂන් සභාව විසින් හඳුන්වා දෙන උපමාන ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය මාධ්‍ය පමණක් නොව පෞද්ගලික මෙන්ම සමාජ මාධ්‍යය ද කටයුතු කළ යුතුය. එසේ නොවන්නේ නම් මාධ්‍ය නියාමනය කළ යුතු බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

    කථානායකතුමා, දේශපාලන පක්ෂ නායකයෝ, මහජන නියෝජිතයෝ, තානාපතිවරු, ඇතුළු සාමාජිකයෝ සහ නිලධාරීහු ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya