මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරම්පරික කර්මාන්ත සහ ග්‍රාමීය කර්මාන්ත යන ක්ෂෙත්‍ර රටේ ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර බවට පත් කිරීම රජයේ අරමුණයි

    මාර්තු 09, 2022

    පාරම්පරික කර්මාන්ත සහ ග්‍රාමීය කර්මාන්ත යන ක්ෂෙත්‍ර රටේ ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර බවට පත් කිරීම රජයේ අරමුණ බව වේවැල් ,පිත්තල ,මැටි,ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එම්.ඒ.බී.වී බණ්ඩාරනායක මහතා පැවසීය.

    ලේකම්වරයා මේ බව පැවසුවේ, '' ග්‍රාමීය කර්මාන්ත සමගින් දේශිය හා විදේශීය වෙළෙඳ පොල ජය ගන්නේ කෙසේද ?" යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    රජයේ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයේ සහ අමාත්‍යංශ පිහිටුවීමේ ගැසට් පත්‍රයට අනුව විශේෂ රාජ්‍ය අමාත්‍යාංශයක් හැටියට මෙම අමාත්‍යංශය පිහිටවූ බව පැවසු ලේකම්වරයා , පසුගිය වර්ෂය (2021) විශේෂ වර්ෂයක් බවත් අමාත්‍යංශයට අයවැය ප්‍රකාශය මගින් සංවර්ධන කටයුතු වෙනුවෙන් මිලියන 2000 ට වැඩි ප්‍රමාණයක් වෙන්කර දුන් බවත් තම අමාත්‍යාංශය සහ ජාතික ශිල්ප සභාව අමාත්‍යවරයාගේ උපදෙස්, මගපෙන්වීම හා නායකත්වය යටතේ ක්‍රියාකළ බවද කීය .

    මූලික වශයෙන් ග්‍රාමීය කර්මාන්ත නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ සොයා ගැනීම , වෙළෙඳපොළ පුළුල් කිරීම සහ මේ අංශයේ නිෂ්පාදන ජාතික ආර්ථිකය ප්‍රධාන තැනක් හැටියට ඔසවා තැබීමේ මූලික කටයුතු 2021 වර්ෂයේ තම අමාත්‍යංශය ආරම්භ කළ බව පැවසු ලේකම්වරයා , වෙළෙඳපොළ ජය ගැනීමට මෙම නිෂ්පාදන භාණ්ඩ දේශීය සහ විදේශීය වෙළෙඳපොළ ජය ගැනීම සඳහා අලුත් කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා නිෂ්පාදන භාණ්ඩවල සිදු කළයුතු නිෂ්පාදනයන්ගේ වෙනස්කම් හඳුනාගැනීමත් ඒ හඳුනාගත් වෙනස්කම්වලට පිළිතුරු සෙවීමත් පසුගිය වර්ෂයේ තම අමාත්‍යංශය කැපවූ බවද කියා සිටියේය.

    වෙළෙඳපොළ ජයග්‍රහණය කිරීමට නම් එයට ගැළපෙන විදිහට නිෂ්පාදනයන් කළ යුතු බව ද ,නිශ්පාදන කිරීමේදී නිශ්පාදකයින්ට මතුවන ගැටලු හදූනාගෙන ඊට අවශ්‍ය විසදුම් රජයේ සහ පෞද්ගලික විශ්වවිද්‍යාලයන් හි විද්‍යාර්ථීන් සමඟ සාකච්ඡා කර ඊට විසදුම් ලබාගෙන මෙම නිෂ්පාදන වල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය වර්ධනය කිරීමට කටයුතු කරන බවද ලේකම්වරයා කීය.

    කර්මාන්තකරුවන්ට තමන්ගේ නිෂ්පාදනයන් සදහා යොදා ගන්නා යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා රජයෙන් එම නිෂ්පාදන කරුවන්ට සහයෝගය ලබාදෙන බවත් විශේෂයෙන් සුළු හා කුඩා කර්මාන්තකරුවන්ට වෙළෙඳපොළ ජයගැනීමටත් ඉදිරියට යාමටත් හැකි ආකාරයට මූලික පදනම පසුගිය වර්ෂයේ (2021)දී දමා ඇති බවත් පැවසූ ලේකම්වරයා රජයේ ඊළඟ අරමුණ වන්නේ 2022 වර්ෂයේ සිට ඉදිරියට මෙම නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළ ජය ගත හැකි ආකාරයට මෙම කර්මාන්තකරුවන් ලෙස ගොඩනැගීම බව කීය.

    මෙම මාධ්‍ය හමුවට ජාතික ශිල්ප සභාවේ සභාපති, සම්පත් ඇරැහැපොල සහ විදාතා සම්පත් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ , ඒ.එම්.ආරිෆ් යන මහත්වරුන්ද එක් විය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya