මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුද්ධිමය දේපළ (සංශෝධන) පනත පාර්ලිමේන්තුවේ දී සම්මතයි

    මාර්තු 09, 2022

     සිලෝන් ටී , සිලෝන් සිනමන් වැනි භූගෝලීය දර්ශක ලෙස හදුන්වන නිෂ්පාදන ව්‍යාජ අනුකරණයන් නැවැත්වීම සදහා නෛතික රාමුව මේ අනුව ශක්තිමත් වේ.


    සිලෝන් ටී (Ceylon Tea), සිලෝන් සිනමන් (Ceylon Cinnamon) යනාදී මෙරටට භූගෝලීය පරිසරයට ආවේණික වටිනාකමකින් යුතුව සිදුකරන නිෂ්පාදනවල ව්‍යාජ අනුකරණයන් නැවැත්වීමේ අරමුණින් ඉදිරිපත්කළ බුද්ධිමය දේපළ (සංශෝධන) පනත අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.

    වෙළද අමාත්‍ය (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් දායකත්වයක් දැක්වූ භූගෝලීය දර්ශක ලෙස මෙම නිෂ්පාදන එනයින්ම ලියාපදිංචි කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් බුද්ධිමය දේපළ පනතෙහි ඇතුළත්ව නොතිබූ බැවින් ඒවා මෙතෙක් ලියාපදිංචිය සිදුවූයේ වෙළද ලකුණු විෂය යටතේ සහතික ලකුණු (Certificate marks) ලෙසය. මේ අනුවසිලෝන් ටී (Ceylon Tea), සිලෝන් සිනමන් (Ceylon Cinnamon) , සිලෝන් පෙපර් ( Ceylon Pepper), සිලෝන් කැෂු ( Ceylon Cashew) වැනි නිෂ්පාදන ඉදිරියේදී ශ්‍රී ලාංකික භූගෝලීය දර්ශක ලෙස ලියාපදිංචි කිරීමට හැකියාවක් ලැබෙන අතර එමගින් මෙම නාමයන් යටතේ ව්‍යාජ අනුකරණ නැවැත්වීමට නීතිමය රාමුවක් ස්ථාපනය වීමද සිදුවේ.

    පාර්ලිමේන්තුව පෙ.ව 10.00 ට රැස්වූ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික විධිවිධාන) සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ලැබුණු පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය  කථානායකවරයා නිවේදනය කළේය. එසේම පසුගියදා විවාද කොට පාර්ලිමේන්තුවේදී සම්මත වූ වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනතට ගරු කථානායකවරයා පසුගිය 2 වනදා සිය සහතිකය සටහන් කළ බවද සභාවට දැනුම් දුන්නේය.

    පෙ.ව 10.00 සිට 11.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා කාලය වෙන් වූ අතර අනතුරුව ස්ථාවර නියෝග 27(2) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කාන්තාවට මුහුණදීමට සිදුව ඇති සමකාලීන සමාජ ගැටලු පිළිබඳ විමසන ලදී. එසේම ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ද පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණය වූ කරුණු පිළිබද ආණ්ඩුව ගෙන ඇති පියවර පිළිබද සිය ප්‍රශ්න ඉදිරිපත් කළ අතර අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ඊට පිළිතුරු ලබා දුන්නේය.

    ඉන්පසු ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්ව තිබිණි. ඒඅනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කපිල අතුකෝරල මහතා කන්තලේ සීනි කර්මාන්ත ශාලාව පපිළිබදව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගෙන් විමසා සිටියේය. එසේම වැඩබිමෙහි සිදුවන කාන්තා හිංසනය පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගෙන් විමසන ලදී.

    අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය විසින් දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැඩිකිරීම සහ කාන්තාව සවිබල ගැන්වීම පිළිබඳ ඉදිරිපත් කළ යෝජනාවකට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය ප.ව  5.30 දක්වා පැවැත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව (09) පෙ.ව 10.00 දක්වා කල් තැබීම සිදුවිය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya