මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් 

    මාර්තු 08, 2022

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කළ කරුණු 15ක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ගජන් රාමනාදන්, ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර, සාරතී දුෂ්මන්ත, ශාන් විජයලාල් ද සිල්වා, චාමර සම්පත්, සුරේන් රාඝවන් යන මහත්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya