මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්මන් ආණ්ඩුව මූලික මිනිස් අයිතිවාසිකම්වලට ගරු කරන ආණ්ඩුවක්- ජනමාධ්‍ය අමාත්‍ය

    මාර්තු 08, 2022

    වත්මන් ආණ්ඩුව මූලික මිනිස් අයිතිවාසිකම්වලට ගරු කරන ආණ්ඩුවක් බවත්, මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 35න් 31ක් ශ්‍රී ලංකාව රජයක් ලෙස මානව හිමිකම් සුරැකීමෙහිලා ගෙන ඇති පියවර හි සාධනීයත්වය සම්බන්ධයෙන් ප්‍රශංසාත්මකව අඳහස් දක්වන බවත්, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (මාර්තු 08) පැවති රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසුවේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, මෙරට සම්බන්ධයෙන් ස්ථාවරය හා මානව හිමිකම් යෝජනා සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

    එහිදී අමාත්‍යවරයා පැවසුවේ, 14 000 වන අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට නිශ්චිත විසඳුමක් ලෙස යම් යාන්ත්‍රණයක් සකස් කර එය වේගවත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත්, මානව හිමිකම් කවුන්සිලය තුළ ඒ සම්බන්ධයෙන්ද ඇගයීමක් තිබිය යුතු බවත්ය.

    මානව හිමිකම් කවුන්සිලය සම්බන්ධයෙන් අඳුරු වර්ණයෙන් දැකිය යුතු නොමැති බවත්, මේ සම්බන්ධයෙන් ධනාත්මක දෘෂ්ඨියක් තමන් තුළ ඇති බවත්, එ.ජා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් මේ සම්බන්ධයෙන් තේරුම්ගනු ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya