අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් සම්බන්ධව ඉදිරියට ඇත්තේ සුභදායී කාලයක්- සෞඛ්‍ය පුරුදු අත්නොහැර ඉදිරියට යා යුතුයි. - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    මාර්තු 05, 2022

    කොවිඩ් සම්බන්ධව ඉදිරියට ඇත්තේ සුභදායී කාලයක් බවත්, තත්ත්වය හොඳ අතට පවත්වාගෙන යාමට සුදුසු වාතාවරණයක් ගොඩනැගී ඇතැයිද නමුත් මේ දක්වා පවත්වාගත් සෞඛ්‍ය පුරුදු ඉදිරියට පවත්වාගෙන යා යුතු බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (04) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් මාර්ගගත ක්‍රමයට පැවැත්වූ ජාලගත සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණයේදී අදහස් දක්වමිනි.

    මෙම වසංගතයට නොබියව මුහුණ දීමට අවශ්‍ය බව සදහන් කළ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, දැනට පවතින සාක්ෂි අනූව තවත් ප්‍රභේද දෙකක් පමණ රට තුළ ඉදිරියට මතුවිය හැකි වුවද රෝගීන් සංඛ්‍යාව විශාල වැඩිවීමක් සිදුනොවනු ඇති බවටද, එනම් විශාල ව්‍යාප්තියකින් තොරව සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් මෙන් පවතිනු ඇතැයිද කියා සිටියේය.

    ඒ සදහා ප්‍රධාන පසුතලය එන්නත්කරණය බවද මේ වන විට රටතුළ එන්නත්කරණයද හොඳින් ක්‍රියාත්මක බවද සඳහන් කළේය. අද වන විට 650,000ට ආසන්නව රටතුළ කොවිඩ් රෝගීන් වාර්තා වුණු බවද, 16,000ක් ඉක්මවා කොවිඩ් මරණ වාර්තා වුණු බවද පැවසූ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා, අප අවට මේ වන විටද රෝගය බෝ කළ හැකි ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් සිටිය හැකි යැයිද කියා සිටියේය.

    වසංගතය සමග ජීවත් වෙමින් රැකියා කටයුතු සිදුකරමින් රටේ ආර්ථික තත්ත්වය පවත්වාගෙන යා යුතු බවද පැවසුවේය.

    පසුගිය වකවානුව පුරාම වසංගතය උග්‍රව පැවති කාලයේද කොවිඩ් ව්‍යාප්තිය නවත්වාගැනීමට වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය උපරිමයෙන් කැපවෙමින් ක්‍රියා කළ ආකාරයද, සියලුම රාජ්‍ය සේවකයින් මෙන්ම අත්‍යවශ්‍ය සේවා ආරක්ෂක සේවා, තීනිය හි සාමය, ජලය, විදුලිය, ගෑස්, සන්නිවේදන ආදී මෙන්ම දෛනික කැලි කසල ඉවත් කරන පළාත් පාලන ආයතන වල සේවකයින් පවා එම කාල වකවානුවේදී දැක්වූ දායකත්වය ඇගයීමට ලක්කළ රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා, වාණිජ ආයතන, බැංකු, කර්මාන්තශාලා මෙන්ම ආහාර නිපදවීමට නොබියව කෘෂිකාර්මික කටයුතු වල නියැලුණු ගොවි මහත්වරුන්ගේ සේවයද ඇගයීමට අමතක නොකළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya