අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍යාංශ සංශෝධනයෙන් වන සම්පත් සංරක්ෂණය සී.බී. රත්නායකට- ප්‍රවාහන අමාත්‍ය ධුරය දිලුම් අමුණුගමට

    මාර්තු 04, 2022

    අමාත්‍යාංශ සංශෝධනයෙන් වන සම්පත් සංරක්ෂණය සී.බී. රත්නායකට ... ප්‍රවාහන අමාත්‍ය ධුරය දිලුම් අමුණුගමට ...

    අමාත්‍යාංශ සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (04) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
    සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අරුන්දික ප්‍රනාන්දු මහතා නැවතත් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම ද මෙහිදී සිදු විය.

    සී.බී. රත්නායක මහතා - වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
    දිලුම් අමුණුගම මහතා - ප්‍රවාහන අමාත්‍ය
    විමලවීර දිසානායක මහතා - ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
    අරුන්දික ප්‍රනාන්දු මහතා - පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය

    ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya