අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම- මාර්තු 08 සිට අප්‍රේල් 07 දක්වා මසක් පුරා සැමරුම් වැඩසටහන් මාලාවක්

    මාර්තු 04, 2022

    කාන්තාවන්ට සහ දරුවන්ට වසරේ දින 365 ම වෙන් කළ යුතුයි- රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා

    කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් වසරේ එක් දිනයක් පමණක් වෙන් නොකළ යුතු බවද, ඔවුන් සදහා වසරේ දින 365 ම වෙන් කළ යුතු අතර සිය අමාත්‍යංහයේ සේම වත්මන් රජයේද බලාපොරොත්තුව එය බව  කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසුවේය.

    ඔහු මේ බව කියා සිටියේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී 2022 ජාත්‍යන්තර කාන්තා දින සැමරුම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    මෙම අමාත්‍යංශය භාරගත් දින සිට විවිධ නිර්මාණශීලී සහ ආකල්පමය වෙනසක් ඇති කරමින් කාන්තාවගේ ජීවනෝපාය සංවර්ධනය පිළිබදවද වැඩි යමක් සිතමින් කටයුතු කළ බව සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යවරයා මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08 වනදාට පමණක් සීමා නොකරමින් මාර්තු 08 සිට අප්‍රේල් 07 වෙනිදා දක්වා මසක් පුරා සැමරුම් වැඩසටහන් මාලාවක් දියත් කරන බවද සඳහන් කළේය.

    රටකි දැයකි ලොවකි ඇය නම් වන තේමාව ඔස්සේ 2021 වසරේද වැඩසටහන් ගණනාවක් දියත් කළ බව සිහිපත් කළ අමාත්‍යවරයා, මෙවර ඉන් ඔබ්බට යමින් මසක් පුරා ක්‍රියාත්මක වන වැඩසටහන් මාලාවක් දියත් කිරීමට අපේක්ෂිත බවද කීවේය.

    මෙම වැඩසටහන් මාලාව මාර්තු 08 සහ 09 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ඇරඹේ.ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම ජාතික වැඩසටහන ආරම්භ වී අප්‍රේල් මාසේ 07 වනදා මොනරාගලින් අවසන් කිරීමටද සෑම පළාතකම මෙම කාන්තා දින වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමටද අමාත්‍යංශය සියලු කටයුතු සංවිධානය කර ඇතැයි කියා සිටියේය.

    කාන්තාවන් ශක්තිමත් කිරීමට මෙරට සියලු දෙනාගේම ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවද, එම ආකල්පමය වෙනස ඇති කිරීමට 2022 ලෝක කාන්තා දිනයට විවිධ අංගයන් එක්කර ඇතැයි ද අමාත්‍යවරයා සිහිපත් කළේය.

    එම අංගයන් අතර ආකල්පමය වෙනස ඇති කිරීමට ක්‍රියාත්මක කළ අංග වශයෙන් අම්මාවරුනේ සංකල්පය පිළිබදව පැහැදිලි කළ රාජ්‍ය අමාත්‍යවරයා එම අම්මාවරුනේ සංකල්පය මගින් ආදරණිය මවගේ ගුණය පිළිබඳව සහ උත්තරීතර කාන්තාව පිළිබදව සංගීතමය සංවාදමය විද්වත් කතිකාවක් ඔස්සේ කතා කරන බවද කියා සිටියේය.

    මෙම වැඩසටහන් මාලාවේ තවත් සුවි‍ශේෂී වැඩසටහනක් වශයෙන් අතිශයින්ම පිරිමින්ට පමණයි වැඩසටහන හදුන්වාදුන් අමාත්‍යවරයා එමගින් කාන්තාවගේ ගෞරවය, ආරක්ෂාව ආදී සියලු දූ රැදී පවතින්නේ ආදරණීය ස්වාමි පුරුෂයා සහ සහෝදරයා තුළ බවද එම නිසා ආදරණීය ඇය සමග පවුල් සංස්ථාව කෙසේ ගොඩනැගිය යුතුද ආදී දෑ සාකච්ඡා කරන බවද අවධාරණය කළේය.

    මෙලෙස දියණිය වැඩසටහන, දිරිය ජනනි වැඩසටහන, නැණ ප්‍රදීප වැඩසටහන ආදී වශයෙන් වැදගත් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වන බවද පැහැදිලි කළේය. මෙම මාධ්‍ය හමුව සදහා බවද කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් කුමාරි ජයසේකර මහත්මිය, London school of executive education ආයතනයේ විධායක අධ්‍යක්ෂ චමින්ද ද සිල්වා මහතා ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya