අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ දී එන්න්ත්කරණය පරිපූර්ණ වුවහොත් ලිහිල් කිරීම් ගැන තීරණ ගත හැකියි - විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ

    පෙබරවාරි 22, 2022

    ඉදිරියේ දී එන්න්ත්කරණය පරිපූර්ණ වුවහොත් ලිහිල් කිරීම් සම්බන්ධයෙන් යම් යම් තීරණ ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා කියා සිටියේය.

    ඔහු මේ බව කියා සිටියේ , ඊයේ (21) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති කොවිඩ් පිළිබද මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

    මෙම ලිහිල් කිරීම සම්බන්ධ කාරණය විද්‍යාත්මක පදනමක් ඇති දෙයක් බවද, එය සිදුකිරීමට ඉතාම ප්‍රශස්ථ මට්ටමකට සෑම කෙනෙකුම එන්නත් ලබාගත යුතු බව අවධාරණය කළ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා, ඉන් පසු රටෙහි පවතින තත්ත්වය ඇගයීමකට ලක්කර එම තීන්දු තීරණ ගතහැකි බව කියා සිටියේය.

    මුල් කාලයට සාපේක්ෂව වර්තමානයේ කාලයත් සමග යම් යම් ලිහිල් කිරීම් කර ඇති බව සිහිපත් කළ ප්‍රධාන වසංගත රෝග විශේෂඥවරයා රෝගියෙකු තියාගන්නා දින ගණන අඩු කිරීම, එන්නත්කරණය කළ කෙනෙක් රෝගියෙකුව මුණගැසුනහොත් ඔහු ආසාදිතයෙකු ලෙස වාර්තා නොකිරීම ආදිය ආදිය කාලයත් සමග සිදුකළ ලිහිල් කිරීම් සදහා උදාහරණ ලෙස දැක්වූවේය.

    විද්‍යාත්මක පදනම මත අන් රටවල සිදුකරන දේවල් ද අධ්‍යයනය කරමින් මෙලෙස යම් යම් ලිහිල් කිරීම් දැනටත් සිදුකර ඇතැයිද වැඩිදුරටත් සඳහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya