අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක වෙළදපොළෙහි තෙල් මිල අඩු වුවහොත් එහි වාසිය නැවත ජනතාවට ලබාදිය යුතුයි - අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

    පෙබරවාරි 22, 2022

    ඉදිරියේ දී ලෝක වෙළදපොළෙහි බොරතෙල් මිල අඩු වුවහොත් එහි වාසිය නැවත ජනතාවට ලබාදිය යුතුයි යන මතයේ ආණ්ඩුව දැඩි ලෙස එළඹ සිටින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

    දැනට පවතින තත්ත්වය යටතේ ලෝක වෙළදපොළෙහි තෙල් මිල ඉතාම ඉහළ මට්ටමකට පරිවර්තනය වී ඇති බවද, විශේෂයෙන්ම රුසියාව සහ යුක්රේනය අතර ඇතිවූ යුද තත්ත්වයට සමගාමීව ලෝක වෙළදපොළේද විශාල තෙල් මිල ඉහළ යාමක් සිදුව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    යම් පමණකට තෙල් මිල වැඩිවීමක් ඉදිරියේදී සිදුවිය හැකි බවද එවැනි තීන්දුවක් දැනට ගෙන නොමැති බවද අමාත්‍යවරයා කියා සිටියේය.

    වර්තමානය වන විට දැනට පවතින අයහපත් කාලගුණය සහ නියඟය හේතුවෙන් එක් පසකින් ජල විදුලි ප්‍රමාණය ධාරිතාවය 50%කින් පමණ අඩුවී ඇතැයිද, අනෙක් පසින් ලෝක වෙළදපොළෙහි බොරතෙල් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයිද පැවසූ අමාත්‍යවරයා, මෙම කරුණු 02 නිසා ලංකාවේ ඛණිජ තෙල් ක්ෂේත්‍රයත් විදුලිබල ක්ෂේත්‍රයත් විශාල පීඩනයකට පරිවර්තනය වී ඇතැයි ද සඳහන් කළේය.

    විවිධාකාරයෙන් විදුලිබලය විසන්ධි කිරීම් හේතුවෙන් මෙරට ජනතාව විශාල අපහසුතාවයකට පත්වන බවද, මේ හේතුවෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිය විසන්ධි කිරීම් සම්බන්ධව පැහැදිලි කාල සටහනක් ඉදිරිපත් කරන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇති බව කියා සිටි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, මෙම තත්ත්වය යහපත් අතට ඉදිරියේදී පත්වෙනු ඇතැයි විශ්වාස කරන බවද, එනම් නිශ්චිත දැනුම්දීමකින් පසුව අදාළ කාල රාමුවකට සීමා සහිතව විදුලිය විසන්ධි වීමක් සිදුවෙනවා නම් සිදුකරනු ඇති බවද කියා සිටියේය.

    ඛණිජ තෙල් සංස්ථාවට සහ විදුලි බල මණ්ඩලයට මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා ජනාධිපතිතුමා විශේෂ අවධානය යොමු කර ඇතැයිද ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදාළ ආයතන දෙකට අවශ්‍ය මුදල් පහසුකම් ලබාදීම සදහාත් ණයවර ලිපි නිකුත් කිරීමට අවශ්‍ය පසුතලය සකස් කිරීම සඳහා මහ බැංකුවට ජනාධිපතිතුමන් උපදෙස් ලබාදී ඇතැයිද අමාත්‍යවරයා පැවසීය

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya