අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික ප්‍රශ්න තිබුණත් රජය සංවර්ධනය නතර කර නෑ- කොවිඩ් කියා ආපස්සට යන රජයක් නොවේ- අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

    පෙබරවාරි 22, 2022

    ආර්ථික ප්‍රශ්න තිබුණත් රජය සංවර්ධනය නතර කර නැති බවත් කොවිඩ් කියා ආපස්සට යන රජයක් නොවන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයෙන් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

    ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ කුමන අභියෝග පැමිණියත් සංවර්ධනය නතර නොකරන බව පැවසූ අමාත්‍යවරයා, වැක්සීන් කරලා, ජනතාව ආරක්ෂා කර  රට ඉදිරියට ගෙන යන බව පැවසීය.

    කොවිඩ් වසංගතය යටතේ වුවද මාර්ග ලක්ෂයෙන් වැඩපිළිවෙල ඇතුළු සංවර්ධන වැඩපිළිවෙල රජය ගෙන ගිය බවද අමාත්‍යවරයා පැවසීය.ලෝකයේ අනෙක් රටවල් ගත්විට රජය මේ වන විට සාර්ථක වැඩපිළිවෙලක් ඉදිරියට ගෙන යන බවද පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya